Sunday, July 31, 2016

දැන් ඉතින් සිනාසෙන්න ....

වැරඳුණු     අතීතයට
සමුදෙන්න 
යථාර්ථයේ දොරගුළු 
ඇරගන්න 
අනාගතේ අරුනළු 
විඳගන්න
ජීවිතේ සිහිනයක් 
නොවන බව 
දැනගන්න ........

ඔබට නොලැබුණු දෙයට  
ක්‍රෝධ නොකරන්න 
වැරඳුණු තැනට  
හේතු විමසන්න 
නැවත නැඟිටින්න
දිරි ගන්න ..........

ජීවිතේ ගැඹුරටම 
කිමිදෙන්න 
ප්‍රර්ථනා බිඳුණු තැනට 
කඳුළු නොසළන්න 
වසන්තය එනවා සත්තයි,
 දැන් ඉතින් සිනාසෙන්න ....... 



Thursday, July 28, 2016

ශේෂව ඇත...



සියල්ල
සිදු වී
හමාරය
නමුත්,
නෂ්ඨාවශේෂ
පමණක්
ශේෂව ඇත
ඇත......

Tuesday, July 26, 2016

හඬයි ඇය, සොහොන් බිම ළඟ


දොම්නසින්බර දෙනෙත දුටුවෙමි
හැඬු කඳුලින් දෙනෙත්  තෙත් විය
කොහේ යනවද කවුරු නොදනී
අගේ විලාපය  දසෙත යා වුණි

කවුරු අසන්නද කවුරු බලන්නද
නිදන සැටි ඇය සොහොන් බිම ළඟ
මළ කඳයි ඇයයි අතරේ....
නැතේ වෙනසක් කිසි ලෙසේ


පොළෝ  පස්යට  මිහිදන්ව ඇති 
ඇගේ පුත් රුවන එනතුරු
හැඬයි ඇය සොහොන් බිම ළඟ
ළයේ පිරි ඇති දුක දරාගෙන

පැතුම් පොඳි බැඳ ලොවට බිහි කළ
පුතුන් අහිමිව ගිය වියෝවෙන් 
හඬන මව් තොමෝ දැක 
පොළෝ තලයත් කම්පා වුනා

අහස්‌  ගැබ පිපි නේක  තරු 
කදුළු කැට නෙතඟින්  සළා
පැතුවේ මතු භවයේ අගේ පුතු වී
මිහිකත් ලොවට වඩිනා ලෙසයි.......







ගං දිය











තහංචි බිඳ
නොනිම් ආශාවන් 
හඹා  යා නම් මිනිසුන්  ....
අනේ මන් කොහොම වෙන්නද 
එක්තැන්.......

යාත්‍රා කරන්නෙකි.......













කඩසාප්පුවෙන්  පන්සලටත් 
පන්සලෙන්  කඩසාප්පුවටත්
වැඩම කරවමින්.....
සංසාර යාත්‍රාවේ
නොරථ ගමනක 
යාත්‍රා කරන්නෙකි ...
අටපිරිකර 

කොත්තමල්ලි


ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේ ප්‍රබලතම  ඖෂධයක් ලෙස කොත්තමල්ලි හදුන්වනු ලැබේ.  කොත්තමල්ලි  භාවිතයේ ආරම්භය වසර  5000 පෙර බව ඉතිහාසයේ සඳහන්වේ. වර්තමනයේකු කුළුබඩුවක් ලෙස කොත්තමල්ලි භාවිතයට ගැනෙයි. කොත්තමල්ලි ශාඛය පංචංග ඖෂධයක් යොදා  ගනු ලැබේ . මුල්කලීනව ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඊජිප්තුව  වැනි රටවල  පමණක් සීමා වී තිබූ නමුත් වර්තමානයේ ලෝකය පුරා ව්‍යාප්තව පවතී.  බීජයක් සිටුවා මස තුනකින් පැළ ලබා ගත හැක. කොත්තමල්ලි  ශාඛය ඖෂධීය ගුණ රැසකින් සමන්වි වේ.  කොලේසටරෝල් , සීනි පාලනය, දියවැඩියා පාලනය , පිළිකා නැසීමේ හැකියාව, හදවත් රෝග සමනය කිරීමේ හැකියාවන් ඒ අතර සුවිශේෂී වේ. විද්‍යත්මක පර්යේෂණ රැසකට භාජනය වී ඇති මෙම ශාඛය තුළ පිළිකා නැසීමේ හැකියාව ඉහල බව සොයාගෙන ඇත. ඉන්දියානුවන් පුරුද්ක් ලෙස කොත්ත්මල්ලී කොළ ආහාරයට ගනු ලබයි. ඒ බෝවන රෝගයන්ගෙන් සුරක්ෂිත වීම සදහායි.  කොත්තමල්ලි  වල පවතින සුවඳ නිසා මෙය සුවඳ විලවුන්  නිෂ්පාදනය සඳහාද යොදා ගනු ලබයි. 

Saturday, July 23, 2016

සිනහව පිටුපස කඳුළු නොසයන්



මිනිසුන් අසති 
ඔබට හැකි මොනවද?
'' බොහෝ දේ ''
ඔබ දන්නේ මොනවද 
 '' සියලු දේ ''
ඔප්පු කල හැකිද එය
 '' ඕනෑම විටක ''
එසේනම් ඔබ ශ්‍රේෂ්ඨයි 
එසේනම්   ඔබ විෂ්ඨයි 

එහෙත් මිනිසුන් නොඅසති 
ඔබ කොතෙක් හැඬුවේද ?
      '' දින ගණනක් ''
ඔබ කොතෙක් නිදි මැරුවේද?
      '' හැමදාමත් '' 
මෙවැනි පැන නොඅසති

හේතුව ඔවුන් සොයන්නේ 
සිනකැන් මිස කඳුළු  නොවේ 
සිනහව පිටුපස කඳුළු නොසොයන් ......

මලක් වෙනු

සියක් පෙති
දහස් පෙති
සුවද නැති 
වැඩක් නැති......

එකක් පෙති 
දෙකක් පෙති 
සුවඳ ඇති
වැඩක් ඇති.....

මලක් වෙනු  
වැඩක් ඇති  
හෙට මළත්
කමක් නැති .... 

සැනසුම

මල් තැවරුණු ගවුමක් හැඳ
යහළු යෙහෙළියන සමඟින්
නිසරු කවට බස් තෙපලන 
ජීවතයක් නොපතමි  මම....... 
  
බෝ සෙවනේ සුදු වැල්ලේ 
හීන් සැරේ ප තබමින් 
බවුන් වන්නට ලැබෙනා 
ජීවතයක් පතනමි මම .......

කසාවතින්  ගත   දවටා
වටපතක් සුරතින් ගෙන
බුදු හිමි දෙසු දම් දෙසන්න
මෙහෙණි බවක් පතනමි මම......

බියකරු වූ සසර සයුර 
පීනා කෙළසුන් නසන්න
මහා දුකක් වූ පස් කඳ
නැතිකොට සැනසුම ලබන්න... 

එදිනට මට හැකිවනු ඇත
සසර කතර ජය ලබන්න 
බුදු හිමි පෑ  මග දකිමින් 
සැමටම සැනසුම බෙදන්න ...... 


Friday, July 22, 2016

ගුරුමව්නි

පින්සර වූ වත කමලෙ
ආදරය ගලා   යන
ශිල්ප පිරි සිත්මලෙහි
සුවඳ අප වෙත පුදන.....


සුලලිත වූ සිප් දියෙන්
නිබඳ අප සනහාලන
පුදමි ගුරුමව්නි නුඹ
මකරන්ද සුවඳ ගෙන.......

හෘදසාක්ෂිය



හෘදසාක්ෂිය  සත්‍යයේ ප්‍රතිමුර්තිය වේ. 
එසේම එය සත්‍යයේ සේවනැල්ලද  වේ.
පිරිසිදු හෘදසාක්ෂියක් ඇති තැනැත්තා 
කිසිදිනක දෝෂාරෝපණයට බිය නොවේ.
යමෙක් හෘදසාක්ෂියට එකඟව ක්‍රියාකරන්නේ නම්
ඔහුගේ ජීවිතය සුබවාදී වනු ඇත.
තමාගේ හෘදසාක්ෂිය තුළ අපායත් සුරලොවත් 
නිර්මාණය කරගත හැකිය.නමුත්,
පුද්ගලයකුගේ සාර්ථකත්වය ප්‍රතිෂ්ටාපනය වන්නේ
පිරිසිදු හෘදසාක්ෂියක් පවතින විටය.

Wednesday, July 20, 2016

අම්මා....

සඳ සදිසි නුඹ උවන
තරු එළිය මට කියන
ලෝකයේ අරුමැසිය
ආදරෙන් කියාදුන්
නුඹයි, මගෙ ආදර
අම්මා.........