යහළු යෙහෙළියන සමඟින්
නිසරු කවට බස් තෙපලන
ජීවතයක් නොපතමි මම.......
බෝ සෙවනේ සුදු වැල්ලේ
හීන් සැරේ ප තබමින්
බවුන් වන්නට ලැබෙනා
ජීවතයක් පතනමි මම .......
කසාවතින් ගත දවටා
වටපතක් සුරතින් ගෙන
බුදු හිමි දෙසු දම් දෙසන්න
මෙහෙණි බවක් පතනමි මම......
බියකරු වූ සසර සයුර
පීනා කෙළසුන් නසන්න
මහා දුකක් වූ පස් කඳ
නැතිකොට සැනසුම ලබන්න...
එදිනට මට හැකිවනු ඇත
සසර කතර ජය ලබන්න
බුදු හිමි පෑ මග දකිමින්
සැමටම සැනසුම බෙදන්න ......
No comments:
Post a Comment