Tuesday, July 26, 2016

හඬයි ඇය, සොහොන් බිම ළඟ


දොම්නසින්බර දෙනෙත දුටුවෙමි
හැඬු කඳුලින් දෙනෙත්  තෙත් විය
කොහේ යනවද කවුරු නොදනී
අගේ විලාපය  දසෙත යා වුණි

කවුරු අසන්නද කවුරු බලන්නද
නිදන සැටි ඇය සොහොන් බිම ළඟ
මළ කඳයි ඇයයි අතරේ....
නැතේ වෙනසක් කිසි ලෙසේ


පොළෝ  පස්යට  මිහිදන්ව ඇති 
ඇගේ පුත් රුවන එනතුරු
හැඬයි ඇය සොහොන් බිම ළඟ
ළයේ පිරි ඇති දුක දරාගෙන

පැතුම් පොඳි බැඳ ලොවට බිහි කළ
පුතුන් අහිමිව ගිය වියෝවෙන් 
හඬන මව් තොමෝ දැක 
පොළෝ තලයත් කම්පා වුනා

අහස්‌  ගැබ පිපි නේක  තරු 
කදුළු කැට නෙතඟින්  සළා
පැතුවේ මතු භවයේ අගේ පුතු වී
මිහිකත් ලොවට වඩිනා ලෙසයි.......







No comments:

Post a Comment