මචං උඹ මල් කඩනවද අසාවි
සුපිරි ආතල් බං කියාවි
මොකද්ද මේ භාෂාව
වැඩිහිටියෝ, අසාවි.....
අපේ කලේ වගේ
නෙවෙයි කියාවි
අද කලේ හැදෙන ළමයි
හරිම වෙනස්,
කියාවි
කියාවි
සභ්‍යත්වේ සදාචාරේ
දන්නෙම නෑ කියාවි
ඔයාලගේ කාලෙ
වගේ, නෙවෙයි
කියාවි
ඕවා පරණතාලේ,
හණමිටි
අදහස් කියාවි
එසේ කියා සිංග්ලිෂ් දොඩවී
අනේ අපේ හෙළ බස හඬාවී
No comments:
Post a Comment