ජීවිතය
මනුෂ්‍යයා වනාහි සියලුම සත්ව කෝට්ඨාසයන් අතරින් බුද්ධිමත් සත්වයා වේ. මනුසත් ජීවිතයක ඇති වටිනාකම කියාපෑමට භාෂාව ප්‍රමාණවත් නොවේ යැයි මට හැඟේ. මන්ඳ ඒ තරමටම මනුෂ්‍ය ජීවිතය උත්තුංග වන්නේය.මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අසීරුයි, යනුවෙන් සමාජය තුළ කියමනක් ද ඇත. ජීවිතය නමැති නොනවත්වා ගලා යන ප්රවාහයට අප නියමිත වටිනාකමක් දී තිබේද? යන කරුණ සිතන්ට කාලය එළඹ තිබේ. ජීවිතය සාර්ථක කර ගැනීමට මත්තෙන් ජීවිතයට වටිනාකමක් දිය යුතුය. සාර්ථකත්වයේ හිනිමංපෙත්ත තරණය කිරීමේදී ජීවිතයේ සුන්දරත්වය අපි මුලින්ම දැකිය යුතු වෙමු. ජීවිතය ජීවත් කරවීමට බලාපොරොත්තු තිබිය යුතුය. එකී අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට අප තුළ අධිෂ්ඨානයක් පැවතිය යුතුය. එවිට ජීවිතයට අර්ථයක් ඇතිවේවි. ජීවිතය ජීවත් කරවීමට නොනිත් ආසාවක් සිත තුළම උපදීවී. ජීවිතය ඇත්තේ, විඳීමට මිස විඳවීමට නොවේ. චාල්ස් වෙන්ඩම් වරක් ප්‍රකාශ කර ඇත්තේ '' ජීවිතය සාර්ථක කරගැනීමට බුද්ධියට වඩා වැදගත් වන්නේ උත්සාහය යන්නයි '' ජීවිතය තුළ අප කිසියම් දෙයක් අපේක්ෂා කරන්නේනම්, ඒ දෙය නොලැබේවි යන්න සුසුම්ලෑම පසකලා එයට යම් උත්සහයක් දැරීම අගනා වන්නේය. ජීවිතය යනු අශ්වාස ප්රාශ්වාස කිරීමක් නොවේ. ජීවිතයට වටිනාකමක්, වගකීමක් දිය යුතුය. වගකීමක් නැති ජීවිතය අයාලේ යන සුළං පොඳක් වැනිය. ජීවිතයට ඉලක්කයක් පැවතිය යුතුය. ජීවතිය ගංගාවක් නම්, ඉලක්කය නමැති සමුදුර හමුවනතෙක් යායුතුය. ඒ සඳහා අනවරථ අධිෂ්ඨානයක් මනුසත් සිතක පවතින්නේනම්, ඔහු ජීවිතයක වටිනාකම පසක් කර ගත්තෙකි. මතු දිනක ජීවතය දිනන්නෙකි.
සැකසුම : සිතාර සෙව්වන්දි
No comments:
Post a Comment