Monday, August 1, 2016

ජෙලිෆිෂ්


ජෙලිෆිෂ් මත්ස්‍යයන් වසර මිලියන ගණනාවක ඉතිහාසයක් පවතින සත්ව කොට්ඨාශයක් ලෙස  සැළකේ. ඩයිනෝසර් යුගයටත් පෙරාතුව මෙම මත්ස්‍යයන් වාසය කර තිබේ .නියමිත හැඩයක් නොමැති වුවත් මොවුන්  ජලයේ පාවෙන විට ඉතාමත් ආකර්ශණීය වේ. ලෝකයේ  විසකුරු සත්ව ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ බොක්ස් ජෙලිෆිෂ්  මත්ස්‍යයන් වන අතර මොවුන් ආසියව සහ ඕස්ට්‍රේලියවේ ජල ප්‍රදේශයන්හි දැකගත හැකිය. ජෙලිෆිෂ්   මත්ස්‍යයන් මිනිසාට දෂ්ඨ කිරීමෙන් මිනිස් හදවතට සහ ස්නායු වලට බලපෑම් කරනු ලබයි. එමඟින් පුද්ගලයකු ජීවිතය පවා අහිමිවීම සිදු වේ. මොවුන් දෂ්ඨ කළවිට තප්පර 30 ක් ඇතුළත විනාකිරි ආලේප කිරීමෙන් ශරීරයට ඇතුල් වූ විෂ අක්‍රීය වනු ඇත.ජෙලිෆිෂ්  මත්ස්‍යයන් ගොදුර ලෙස ගනු ලබන සැමන් සහ හෝස්, මකරල් වැනි මත්ස්‍යන් අධික ලෙස දඩයම නිසාද මෙම සතුන්ගෙ ව්‍යාප්තිය  වේගවත් වී ඇත.


වර්තමානය  වනවිට ජෙලිෆිෂ්  මත්ස්‍යයන්  ධීවර  කර්මාන්තයට විශාල තර්ජනක් එල්ල කර තිබේ. බෝල්ටික් මුහුද ,මාධ්‍යදරණී මුහුද, කළු මුහුද මෙක්සිකෝ බොක්ක ආශ්‍රීතව මෙම  මත්ස්‍යයින් සමුහ වශයෙන් දැක ගත හැකිය. ජෙලිෆිෂ්  මත්ස්‍යයන් නිසා ධීවර   බෝට්ටු පෙරළීයාම්ද සිදුවේ. මේ නිසා ජපානයට මහත් වූ අලාභයන් සිදුවේ. ජපානයට වර්ෂයකට පමණක්  ධීවර  කර්මාන්තයට සිදුවන පාඩුව ඩොලර් මිලියන 252 කි. එසේම මොවුන් ධීවර දැල් වල පැටලීම නිසා අස්වැන්න බාල කරනු ලැබේ. මෙසේ හානිකර තත්වයන් පැවතියද  මොවුන්  සාගර පරිසරයට හිතකර සත්ව කොට්ඨාශයකි.


සාගර සම්පත ආරක්ෂා කර ගැනීමට මොවුන් වර්ධනය වීම ඉතාමත් යෝග්‍ය වේ. වෙරළ සංරක්ෂණය කිරීම් සිදු කිරීමේදී  ජෙලිෆිෂ් වර්ධනයයට අවශ්‍ය සාධක සකස් කරනු ලබයි.  ජෙලිෆිෂ් මත්ස්‍යයන් සාගර පරිසරයේ හිතකර පැවත්මක් සඳහා මහෝපකාරී වන සත්ව විශේෂ්‍යකි.  

No comments:

Post a Comment