Monday, August 29, 2016

අද කාලේ කළු කුමාරයා...., මුහුණු පොතේ කුමාරයාද?



සන්නිවේදනයේ දැවන්ත පෙරළියත් සමඟ  මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ.  සන්නිවේදන ක්ෂේත‍්‍රයේ  සිදු වූ දැවන්ත ඵලයන් සංස්පර්ෂය එකී ක‍්‍රියාදාමයට හේතු පූර්ණ විය. දුරාතීත  සන්නිවේදන කි‍්‍රයාවලියේ අද්විතීය කාල පරාසයක මමත්   ඔබත්     ජීවත් වන්නෙමු.  විශ්ව ගම්මාන සංකල්පයේ නිම් වළලු ප‍්‍රසාරණයට ප‍්‍රබල සාධකයක් වූයේ නව මාධ්‍යයි. නව මාධ්‍යයේ ආගමනයත් සමg සමාජ සංස්ථාව නව මුහුණුවරක් ගන්නා  ලදි.  ජනතාව එහි බලපෑම සාධනීය ලෙසත් නිෂේධනනීය ලෙසත් අත් දැක්කේය. වර්තමානය වන විට ජනතාව අතරට පැමිණ ඉතාමත් වේගයෙන් පැතිර යන්නා වූ බහු විධ මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හඳුන්වාදිය හැකිය.  එමගින්  සමස්ථ සන්නිවේදන ලෝකයම නව වෙනසකට භාජනය වී ඇත. අන්තර්ජාල ද ඇතුළුව නව මාධ්‍යයේ අංග රැසකි. ඒ අතර  E mail , youtube , Skype, Twitter,  E journal,  Websites‚  Chatrooms,   Blogs " Face book ආදිය දැක්විය හැක. මේ අංග තුළින් ජනතාවගේ කර්තව්‍යන් වේගවත් කිර’ම සහ කාර්යක්ෂම කිරීමක් සිදු වේ. එසේම පිරිවැය අඩු වීම,  වාරණය අවම  වීම,   බහු මාධ්‍ය අවකාශයක් තිබීම,  වේගවත් තොරතුරු හුවමාරුව ආදී සාඵල්‍ය ලක්ෂණ ගණනාවක් දැකිය හැක.  නමුත් මෙහි ක‍්‍රියාකාරීත්ය භාවිත කරන්නන්ගේ අවශ්‍යතාව මත යහපත් හෝ අයහපත් විය හැක. ඇතැම් විට අන්තර්ජාලය මාරක ළිඳකි. ඇතැම් විට සිතූ පැතූ දෙන කප් රුකකි.
ව්රතමාන සමාජය දෙස නෙත් යොමා බැලීමේදි අන්තර්ජාලයෙහි හිතකර තත්වයට වඩා අහිතකර තත්වය  සමාජට පිළිබිඹු කරන්නක්  ලෙස  Face book    සමාජ ජාලය දැක්විය හැක. තාරුණ්‍යයේ දෑස් වසා ඇති අඳුරු පටලයක් බවට අද වනවිට Face book  පත්ව තිබේ. එය  සමාජ සම්බන්ධතා බිඳ වැටීමටද ප‍්‍රබල හේතු කාරකයක් වී ඇත. ජීවයේ නියමුවන් වන, සංව්රධනයේ ශක්තිය බඳු රටේ තාරුණ්‍යය Face book    හමුවේ මහත් වූ ප‍්‍රපාතකයට  තල්ලූ වී තිබීම, ප‍්‍රගතිය  පතන ජාතිකට ඇති වූ ඛේදණීය ඉරණමකි.  Face book තුළ අව්‍යාජ ගිණුම්  ඇති කර ගනිමින්  අව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම මෙහි ඇති භයානක පැතිකඩකි.  මේ මායා දැලට හසුව ජීවිතය විනාශ කරගත් ලාංකික දියණිවරුන් ද සිටීම ඛේදණීය ඉරණමකි. අහිංසක දියණිවරු Face book  අනංගයන්  සමඟ පේ‍්‍රම සම්බන්ධතාවයන් පැටලීමට ගොස්  මකුළු දැල් වල පැටලී ජීවිතයම අසංවිධිත කරගැනීම කණගාටුවට කරුණකි. ඇතැම් විට තමන් මංමුළා වී ඇති බව වැටහෙන විට බෙහෝ ප‍්‍රමාද වී සිටිය හැක. මෙහිදී අප වටහා ගත යුත්තේ තාක්ෂණය ඇත්තේ මිනිසාගේ දියුණුට මිස එසේ නොමැතිව මිනිසා විනාශ මුඛයට ඇද දැමීමට නොවන බවය. මේ නිසා Face book   හරහා සිදු වන සමාජ  අපචාර , වංචනික ක‍්‍රියා, වංක තොරතුරු ඉදිරිපත් කිරීම්  ආදිය පිළිබඳ දැනුවත් භාවයකින් අප Face book  භාවිත කළ යුතු වෙමු.
                       පැරැන්නෝ ඈත අතීතයේ ඉතාමත් දැහැමිව අ්රථානවිතව තම විවේකය ගත කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස අග‍්‍රගන්‍ය කලා කෘතීන්ගේ නි්රමාපකයෝ වූහ. ඒ තුළින් ජාතියේ   ස්වාධීනත්වය සමෘධිමත් භාවය ලොවට විදහා පෑහ. එහෙත් වත්මන් කාල පරාසය තුළ බොහෝ තරුණයෝ තම විවේකය  Face book  තුළ අවධිමත් ආකාරයෙන් ගත කිරීම ඛේදාන්තයකි.  එහි වරදකරුවා වන්නේ Face book    නොව විධිමත් භාවිතාව නොදත් ග‍්‍රාහකයාය. Face book   ජාලය විධිමත්ව භාවිත කරන්නේනම් එය නි්රමාණශීලිත්වයට මනා තෝතැන්නකි. නි්රමාණශීලි චින්තනයක් ගොඩ නැඟිම ,සමාජ සහජීවනය ඇති කිරීම, මිත‍්‍රත්වය ව්රධනය ආදී ප‍්‍රගතිශීලී ශඛ්‍යතාවන්ගෙන්ද මෙය පරිපූ්රණ වෙයි. කාසියක දෙපැත්තක් ඇත්තා සේ Face book  තුළ ද පැතිකඩයන් දෙකක් ඇත. ඒ යහපත් හා අයහපත් ලෙසිනි. නමුත් මෙහි ගුණාත්මක තත්වයට වඩා තරුණයා පෙළඹී ඇත්තේ එහි ඛේදාන්ත තතත්වයන් ස්පර්ෂය කිරීමටය. ඒ නිසා අද වන විට සම්ප‍්‍රදායික සමාජය තුළ තිබූ ක කුමාර දිෂ්ටිය  අද තරුණියන් දකින්නේ මුහුණුපොතේ කුමාරයාගේ ආවේෂයෙනි.  එම ත්තවය තාරුණ්‍යය විෂයෙහි ඇති කරනුයේ මහත් වූ ව්‍යසනයකි. මේ නිසා Face book  ජාලය විචාරශීලිව මනා ශික්ෂණයෙන් දැනුවත් භාවයෙන් භාවිත කිරීම, භාවිත කරනු ලබන සියලූ දෙනාගේම යහපතට හේතු වේ. එසේම නව මාධ්‍යයේ දීප්තිමත් අංගයක් වූ Face book   සමාජයේ හරයාත්මක ප‍්‍රගතිශීලී වෙනසක් උදෙසා භාවිත කළ යුතුය. එවිට සමාජ ධර්මතාවයන් සුරක්ෂිත වන ප‍්‍රගතිශීලී  සමාජයකට දොරඟුළු විවර වනු ඇත.  එසේ නොවුනහොත් සිදු වන්නේ  සම්ප‍්‍රදායික සමාජයේ  කළු කුමාරයාගේ ප‍්‍රතිබිම්බය නව මාධ්‍ය කැඩපත තුළින් දැකීමටය. නමුත් ඒ දකින මුහුණුපොතේ කුමාරයාගේ ආවේෂය කළු කුමාර ආවේෂයට වඩා භයානක වනු ඇත.                                                                    
                          
 සැකසුම  :   එම් එල් සිතාරා සෙව්වන්දි                                    
                                         



No comments:

Post a Comment