Friday, August 19, 2016

තටු සළන තාරුණ්‍යයේ තටු සිඳින මාරයා



නිලඹර දිග්විජය  කරමින්  තටු සැළන සියතුන් සේ තාරුණ්‍යය සොඳුරුය. පුද්ගලයෙකුට ජීව්තයේ මිහිරිතම සංධ්වනියන් සංස්පර්ශය කළ හැක්කේ තාරුණ්‍යය තුළය. බුද්ධියේත්,  සත්‍යයේත් මානයන් ප්‍රසාරණය  කොට යථාර්ථය අත්ව්ඳිය හැකි කාලපරාසය වන්නේද තාරුණ්‍යයයි . මේ නිසා ගලායන  ජීව්ත ගංගාවේ රැදී සිටීමට අවැසි අවධිය බවට  තාරුණ්‍යය පත් වේ. පුද්ගලයෙකුගේ  කාල තිත්‍රවයෙන්   සුවිශේෂීම කාලපරාසය තරුණ කාලයයි. මන්දයත් ලෝකය සඳහා ආයෝජනය  කළ හැකි අනර්ඝතම අවධිය තරුණ අවධිය  වන බැවිනි. එයට හෙතුව් ශක්තිමත් දෙඅත් සහ තීක්ෂණ චින්තන ශක්තියකින් තරුණ කාලය පරිපූර්ණ වීමයි. කායික මානසික ශඛ්‍යතාවන් ඉහළින්ම පවතින  මෙම කාල පරාසය  විධිමත් ආකාරයෙන් ගත කිරීම ජීව්තයේ සාපතාවයන් අත්පත් කර ගැනීමට හේතු පුර්ණ වේ. නව්‍ය  සිතුම් පැතුම් නව්‍ය අත්දැකීම්  සොයා යන මෙම කාලය විටක තීරණාත්මක වන අතර තවත් වටක අභියෝගාත්මකද  වේ.
                             කවුළු පියන් හැර නිදහසේ කුරුළු කිරිල්ලියන් සේ පිය සළා යාමට වෙරදරන තරුණ්‍යයේ තටු සිඳ බිඳ දමන මාරයෝද සමාජයේ නිමග්ගෙන සිටිති. එකී මැරයන් අතරින් සිටින බිහිසුණු මාරයෙක් මේ වන විට තරුණ ජීව්ත විනාශ කරමින් සජයේ අරක්ගෙන  ඇත. එමගින් තරුණයාගේ බුද්ධිය හැකියාව පෞරුෂය අකර්මන්‍ය කරමින් මුළු මහත් ජීව්තයටම පිළිලයක් වී තිබේ. තරුණ ජීව්ත විනාශ කරන මෙම මාරයා අන් කවරෙක් නොව  මත්ධව්‍ය නමැති  මරුවාය.  අද වනවිට  මත්ධව්‍ය තරුණයා විෂයෙහි ඇතිකරන බලපෑම සුළු පටු නොවේ. එය මුළු මහත් සමාජයම ව්‍යසනයට පත්කර ඇත.  මේ නිසා තරුණ පරපුරට මුණ දීමට සිදුවන අවසාන ප්‍රතිපලය කණගාටුදායකය. තරුණ ජීව්තයේ සොඳුරු ඉසව්වන් සොයා යන ගමනාන්තය  ඛේදාන්තයෙන්  අවසන් වීමට මත් රකුසා පර කියා ඇත. 
යටත්විජිතවාදයේ ප්‍රතිපලයක් වූ මත්ද්‍රව්‍ය ජාතියේ අභිවෟද්ධියට සංවර්ධනයට ඉමහත් බලපෑමක් සිදු කරමින් පවතී. එමගින් පන නගින සමාජ ප්‍රශ්න ගැටළු හේතුවෙන් සමාජය අසංවිධිත කර ඇත. මත්ද්‍රව්‍ය මුළු මහත් සමාජයටම පිළිලයකි. තරුණයා කායික මානසික විරූපී පුද්ගලයෙකු කිරීමට මත්     භාවිතය හේතු පුර්ණ වේ. ශරීරයේ අභ්‍යන්තර බාහිර ඉන්ද්‍රීය කොටස් විනාශ වී බරපතළ ලෙස කායික සෙෳඛය පිරිහීමට මත්දව්‍ය බලපානු ලබයි. එපමණක් නොව මානසික ඒකාග්‍රතාවය නොමතිවව  මත්ද්‍රව්‍ය  සිහිය විකෘති වීමට මත්     හේතුවේ.අවසනයේ මානසික අබධිතයකුද  විය හැක  තවද පුද්ගලයෙකු කොතරම් ධනය ඉපයීමක් සිදු කලද  ඒ සියල්ල දියට දැමු ඉනි මෙන් ව්නාශ මුඛයට යනු ලැබේ.මේ නිසා මානසික ව්‍යාකූලතාවය තව තවත් වැඩි වේ. අපකීර්තිමත් ඉරණමක් පමණක් අවසානයේ ඉතිරි වේ.  මෙය භාවිත කරන්නට පමණක් නොව භාවිත නොකරන්නටද  පීඩනයක් හිංසනයක්  ඇති කරයි. මේ නිසා සමාජ සුවතාවය සමාජයෙන් ගිලිහී මුළු මහත් සමාජයම පිරිහීමට පත් වේ මේ නිසා විවිධ දුරාචාර , පවුල් සංස්ථාන් බිඳ වැටීම වැනි සමාජ ප්‍රශ්න රැසක් ඇති වේ  මෙවැනි අභාග්‍ය සම්පන්න  සංසිධියකට තරුණ ජීවිත බිලි ගැනීමට ඉඩ දී බල සිටිය හැකිද? අනාගතය මේ තුළින් විනිවිද දකින්නේ කෙසේද? මේ දෙස ව්මර්ශනත්මකව බැලීමට කාලය එලබ තිබේ. මෙවැනි තවක් දෙස දෙසවන් වසා  දෑස් වසා  සිටි කාලය අහවර කළ යුතුය. ඇතැම්විට එය උඩුගං බල පිහිනනවා සේ අසීරු කාර්යක් විය හැක. තාරුණ්‍ය ව්නාශ කරන මෙකී ව්‍යසනයට ව්රෝදය පෑ යුතුය.ප්‍රගතිය පතන ජාතියක් ලෙස නැගී සිටීමටනම් මේ මත රකුස පලව හැරීමට සියලු දෙන එකසේ පෙළ ගැසිය යුතුය. එසේ නොවුනහොත් සිදු වන්නේ ජාතියේ සංවර්ධනයට කණ කොකා හැඩීමය.  අනාගතයේ සංවර්ධන සංස්පර්ෂයන්  සොයා යාමට වෙර දරන තාරුන්‍යයේ දෑත් තව තවත් ශක්තිමත් කිරීමට මත්ද්‍රව්‍ය   සමාජයෙන් තුරන් කළ යුතුය. ඒ තුළින් කායික මානසික පරිපූර්ණතත්වයෙන් හෙබි ශක්තිමත් තරුණ කැළක් රට තුළ ඇති වේ. එවැනි මතින් තොර සොඳුරු දැයක් නිර්මාණය කර ගැනීමට සියලු දෙනා එකසේ මත පිටු දැකිය යුතුය. 

සැකසුම : සිතාරා සෙව්වන්දි

No comments:

Post a Comment