තරුමඬල පිරිවරා
සඳ කුමරු හිනහුනා
කුමුදු මල් ඇහැරිලා
සඳට එබිකම් කලා
සඳ කැනින් නැහැවිලා
මද සුළගෙ දැවටිලා
ගුමු ගුමුවේ නැළවිලා
මුළු රැයම හැඩවෙලා
මල් සුවඳ පතුරමින්
මේ නිසල රැය ඇවිත්
මා අවට සැරිසරා
සිත මගේ සොරකම් කළා
No comments:
Post a Comment