වර්තමානය වන විට වඩාත් විමර්ශනාත්මකව බැලිය යුතු කරුණක් බවට තාරුණ්‍යයේ පේ‍්‍රමය පත් වී තිබේ. මන්ඳයත් වත්මන් තාරුණ්‍යයේ පේ‍්‍රමය රාගික ස්වරූපයක් ගෙන ඇති බැවිනි. තරුණයා සහ තරුණිය අතර ඇති වන පේ‍්‍රමය අධ්‍යාත්මික ගුණාංගයන් පෙරදැරිව ඇති වන ආදරයක් විය යුතුය. එම ආදරය තුළ මානුෂීයත්වය විනිවිද දැකීමේ හැකියාවෙන් අනූන විය යුතුය. එසේම දෙපාර්ශවය අතර මනා අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. කායික සන්තර්පණය කේන්ද්‍රගත නොවූ පුළුල් මානසික අවකාශයකින් සෙැබෑ පේ‍්‍රමය පරිපූර්ණ විය යුතුය. නමුත් කණගාටුවට කරුණක් වී ඇත්තේ වත්මන් තාරුණ්‍යය, සොදුරු පේ‍්‍රමයත් රාගයත් පටලවාගෙන සිටීමය. ඔවුන් පේ‍්‍රමය නැමති මනෝඥ වූ සිත්තම දකින්නේ රාගික නෙතිනි. රාගික බැල්මෙනි. තරුණයෙක් හෝ තරුණියක් අතර ඇතිවන සැබෑ පේ‍්‍රමය ඇතිවන්නේ දෙහදක් අතර ඇති වන උත්තරීතර වූ නමුත් වත්මන් තාරුණ්‍යය මේ දෙහදක් අතර ඇති වෙන්නා වූ උත්තරීතර බැඳියාවට මූලිකත්වයක් දෙනු ලබන්නේ ඉතා සීමිත පිරිසකි. බොහෝ දෙනා දෙහදක් අතර ඇති වෙන මානසික චින්තනය විනිවිද දැකීම පසකලා Rooms සහ Box හරහා ගොඩනැෙගන රාගික සංස්කෘතියක් පසු පස ලූහුබදිති. ඇතැම්විට තරුණයා සහ තරුණිය අතර ඇති වන ප්‍රථම හමුවීම මෙකී Rooms සංස්කෘතියට අනුව සිදුවන අවස්ථා ඇත. ඒ තුළ කිසිදු දිනක උූත්තුංග පේ‍්‍රමයක් අත්දැකිය නොහැක. තවත් විටක රාගික පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සදහා සයිබර් අවකාශය යොදා ගනියි. එමගින් රාගික ක්‍රියාකාරකම් සදහා පාර සකසාගනු ලබයි. මේ තත්වයෙන් පරිහානයට, විනාශමුඛයට යනු ලබන්නේ ලාංකේය සංස්කෘතියේ වටිනා හරපද්ධතීන්ය.
සැබෑ පේ‍්‍රමය කෙදිනකවත් රාගයෙන් අත්විඳිය නොහැක. යොවුන් වියේදී කායික සංසර්ගයට මූලිකත්වය දෙන පේ‍්‍රමය තුළ උතුම් පේ‍්‍රමයක් අපේක්ෂා කළ නොහැක. එකී රාගිකත්වය තුළන් අව්‍යාජ වගකීම් සහගත පේ‍්‍රමයක් ඇති නොවේ. පාසල් වියේදීම යොවූන් පේ‍්‍රමයෙන් මං මුළා වී ගැබ්බර වූ දැරියන් සමාජය තුළ සිටිය හැක. එසේම මෙවැනි අදුරු ඉරණකට මුහුණදීමට නොහැකිව අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් තරුණ පෙම්වතුන්ද ඇත. මෙවැනි අභාග්‍ය සම්පන්න සංසිද්ධීන්ට ඔවුන්ට මුහුණදීමට සිදුවන්නේ සැබෑ පේ‍්‍රමයත් ,රාගයත් එකිනෙකට පටලවා ගත්විටය. ඒ බව නොදත් අසරණ තරුණ තරුණියයෝ අද වන විට රාගික මයා දැල්වලට හසු වී ඉමක් කොනක් සොයා ගැනීමට නොහැකිව ද`ගලති.
මොහොතක් සිතා බලන්න අතීතයෙහි ගැමි ජීවිතය තුළ අත්දැකි පේ‍්‍රමය මොනතරම් පේ්රමනීයද? ගැමි ගුණ සුවඳ වහනය වූ එකී පේ‍්‍රමය තුළ මනා සංයමය ,අව්‍යාජ බව වඩාත් පැහැදිලිව දක්නට ලැබිණි. ද්වේෂයෙන් තොරව වූ උත්තුංග පේ‍්‍රමයක් දක්නට විය. ඔවුන් විරාගික ගැඹුරු මනෝභාවයකින් පේ‍්‍රමය සංස්පර්ෂය කළහ. මේ නිසාම එම පේ‍්‍රමය මනා ශක්තිමත් භාවයකින් යුක්ත විය. එදා සහ අද දෙස මොහොතක් සංසංදනය කර බලන්න. එදා අපේ මුතුන් මිත්තන් පිවිතුරු ලෙස මනා සංයමයකින් පේ‍්‍රමය අත්විඳීය. නමුත් අද වර්තමානයේ කුඩා දරුවෙක් රැුගෙන බස් රථයක් තුළට ගොඩවිය නොහැකි වාතාවරණයක් සමාජය තුළ ඇති වී ඇත. මන්ඳයත් ඇතමුන් පේ‍්‍රමවන්තයන් යැයි කියා ගනිමින්අසංවරව පේ‍්‍රමයේ වෙලී හිඳී. මෙසේ අසංවර ලෙස රාගආශාවෙන් හැසිරෙන අව්‍යාජ පේ‍්‍රමවන්තයින් සමාජයේ නිමග්ගෙන සිටිති. සැබෑ ලෙස තමන්ගේ පේ‍්‍රමයට වටිනාකමක් දෙන්නේනම් කෙදිනකවත් එලෙස ප්‍රදර්ශනාත්මක ලෙස හැසිරෙන්නේ නැත. තවද තමන්ගේ තරුණියට සබෑ ලෙස ආදරය කරන්නේනම්, එලෙස රාගික මානසිකත්වයෙන් ඇයව අපහසුතාවයට පත් කරන්නේද නැත. තමුන් ජීවත්වන සමාජ වපසරිය තුළ සිටින පිරිස් අපහසුතාවයට පත් නොවන ලෙස පේ‍්‍රමයේ සැබෑ වටිනානකම අවබෝධ කරගනිමින් ප්‍රේම කළ යුතුය. එසේ කිරීම සමාජ සුබසිද්ධියට හේතුපූර්ණ වේ.
තරුණ තරුණියන් පේ‍්‍රම කළ යුතුය. පේ‍්‍රමය අත්විඳිය යුතුය. නමුත් පේ‍්‍රමයේ සීමා මායිම් දැන අවබෝධයෙන් පේ‍්‍රම කරන්නේනම් එකී පේ‍්‍රමය අගනා වන්නේය. පේ‍්‍රමයේ සැබෑ පරමාර්ථයන් සංස්පර්ෂය කිරීමටනම් උතුම් වූ මානුෂීය ධර්මතාවයන්ට අනුකූලව පේ‍්‍රම කළ යුතුය. එවැනි තත්වයක් තුළින් සැබෑ පේ‍්‍රමයක් අත්විඳිය හැක. වත්මන් තාරුණ්‍යයේ පේ‍්‍රමය, අනාගත පරපුරට සැබෑ පූර්වාදර්ශයක් වන්නේ, එය හිතුවක්කාර සුළගට ගසාගෙන යන පේ‍්‍රමයක් නොවී වගකීම්සහගත සබුද්ධික පේ‍්‍රමයක් වුවහොත් පමණි.
සැකසුම : සිතාරා සෙව්වන්දි
සැකසුම : සිතාරා සෙව්වන්දි
No comments:
Post a Comment