Monday, August 29, 2016

අද කාලේ කළු කුමාරයා...., මුහුණු පොතේ කුමාරයාද?



සන්නිවේදනයේ දැවන්ත පෙරළියත් සමඟ  මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ.  සන්නිවේදන ක්ෂේත‍්‍රයේ  සිදු වූ දැවන්ත ඵලයන් සංස්පර්ෂය එකී ක‍්‍රියාදාමයට හේතු පූර්ණ විය. දුරාතීත  සන්නිවේදන කි‍්‍රයාවලියේ අද්විතීය කාල පරාසයක මමත්   ඔබත්     ජීවත් වන්නෙමු.  විශ්ව ගම්මාන සංකල්පයේ නිම් වළලු ප‍්‍රසාරණයට ප‍්‍රබල සාධකයක් වූයේ නව මාධ්‍යයි. නව මාධ්‍යයේ ආගමනයත් සමg සමාජ සංස්ථාව නව මුහුණුවරක් ගන්නා  ලදි.  ජනතාව එහි බලපෑම සාධනීය ලෙසත් නිෂේධනනීය ලෙසත් අත් දැක්කේය. වර්තමානය වන විට ජනතාව අතරට පැමිණ ඉතාමත් වේගයෙන් පැතිර යන්නා වූ බහු විධ මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හඳුන්වාදිය හැකිය.  එමගින්  සමස්ථ සන්නිවේදන ලෝකයම නව වෙනසකට භාජනය වී ඇත. අන්තර්ජාල ද ඇතුළුව නව මාධ්‍යයේ අංග රැසකි. ඒ අතර  E mail , youtube , Skype, Twitter,  E journal,  Websites‚  Chatrooms,   Blogs " Face book ආදිය දැක්විය හැක. මේ අංග තුළින් ජනතාවගේ කර්තව්‍යන් වේගවත් කිර’ම සහ කාර්යක්ෂම කිරීමක් සිදු වේ. එසේම පිරිවැය අඩු වීම,  වාරණය අවම  වීම,   බහු මාධ්‍ය අවකාශයක් තිබීම,  වේගවත් තොරතුරු හුවමාරුව ආදී සාඵල්‍ය ලක්ෂණ ගණනාවක් දැකිය හැක.  නමුත් මෙහි ක‍්‍රියාකාරීත්ය භාවිත කරන්නන්ගේ අවශ්‍යතාව මත යහපත් හෝ අයහපත් විය හැක. ඇතැම් විට අන්තර්ජාලය මාරක ළිඳකි. ඇතැම් විට සිතූ පැතූ දෙන කප් රුකකි.
ව්රතමාන සමාජය දෙස නෙත් යොමා බැලීමේදි අන්තර්ජාලයෙහි හිතකර තත්වයට වඩා අහිතකර තත්වය  සමාජට පිළිබිඹු කරන්නක්  ලෙස  Face book    සමාජ ජාලය දැක්විය හැක. තාරුණ්‍යයේ දෑස් වසා ඇති අඳුරු පටලයක් බවට අද වනවිට Face book  පත්ව තිබේ. එය  සමාජ සම්බන්ධතා බිඳ වැටීමටද ප‍්‍රබල හේතු කාරකයක් වී ඇත. ජීවයේ නියමුවන් වන, සංව්රධනයේ ශක්තිය බඳු රටේ තාරුණ්‍යය Face book    හමුවේ මහත් වූ ප‍්‍රපාතකයට  තල්ලූ වී තිබීම, ප‍්‍රගතිය  පතන ජාතිකට ඇති වූ ඛේදණීය ඉරණමකි.  Face book තුළ අව්‍යාජ ගිණුම්  ඇති කර ගනිමින්  අව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම මෙහි ඇති භයානක පැතිකඩකි.  මේ මායා දැලට හසුව ජීවිතය විනාශ කරගත් ලාංකික දියණිවරුන් ද සිටීම ඛේදණීය ඉරණමකි. අහිංසක දියණිවරු Face book  අනංගයන්  සමඟ පේ‍්‍රම සම්බන්ධතාවයන් පැටලීමට ගොස්  මකුළු දැල් වල පැටලී ජීවිතයම අසංවිධිත කරගැනීම කණගාටුවට කරුණකි. ඇතැම් විට තමන් මංමුළා වී ඇති බව වැටහෙන විට බෙහෝ ප‍්‍රමාද වී සිටිය හැක. මෙහිදී අප වටහා ගත යුත්තේ තාක්ෂණය ඇත්තේ මිනිසාගේ දියුණුට මිස එසේ නොමැතිව මිනිසා විනාශ මුඛයට ඇද දැමීමට නොවන බවය. මේ නිසා Face book   හරහා සිදු වන සමාජ  අපචාර , වංචනික ක‍්‍රියා, වංක තොරතුරු ඉදිරිපත් කිරීම්  ආදිය පිළිබඳ දැනුවත් භාවයකින් අප Face book  භාවිත කළ යුතු වෙමු.
                       පැරැන්නෝ ඈත අතීතයේ ඉතාමත් දැහැමිව අ්රථානවිතව තම විවේකය ගත කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස අග‍්‍රගන්‍ය කලා කෘතීන්ගේ නි්රමාපකයෝ වූහ. ඒ තුළින් ජාතියේ   ස්වාධීනත්වය සමෘධිමත් භාවය ලොවට විදහා පෑහ. එහෙත් වත්මන් කාල පරාසය තුළ බොහෝ තරුණයෝ තම විවේකය  Face book  තුළ අවධිමත් ආකාරයෙන් ගත කිරීම ඛේදාන්තයකි.  එහි වරදකරුවා වන්නේ Face book    නොව විධිමත් භාවිතාව නොදත් ග‍්‍රාහකයාය. Face book   ජාලය විධිමත්ව භාවිත කරන්නේනම් එය නි්රමාණශීලිත්වයට මනා තෝතැන්නකි. නි්රමාණශීලි චින්තනයක් ගොඩ නැඟිම ,සමාජ සහජීවනය ඇති කිරීම, මිත‍්‍රත්වය ව්රධනය ආදී ප‍්‍රගතිශීලී ශඛ්‍යතාවන්ගෙන්ද මෙය පරිපූ්රණ වෙයි. කාසියක දෙපැත්තක් ඇත්තා සේ Face book  තුළ ද පැතිකඩයන් දෙකක් ඇත. ඒ යහපත් හා අයහපත් ලෙසිනි. නමුත් මෙහි ගුණාත්මක තත්වයට වඩා තරුණයා පෙළඹී ඇත්තේ එහි ඛේදාන්ත තතත්වයන් ස්පර්ෂය කිරීමටය. ඒ නිසා අද වන විට සම්ප‍්‍රදායික සමාජය තුළ තිබූ ක කුමාර දිෂ්ටිය  අද තරුණියන් දකින්නේ මුහුණුපොතේ කුමාරයාගේ ආවේෂයෙනි.  එම ත්තවය තාරුණ්‍යය විෂයෙහි ඇති කරනුයේ මහත් වූ ව්‍යසනයකි. මේ නිසා Face book  ජාලය විචාරශීලිව මනා ශික්ෂණයෙන් දැනුවත් භාවයෙන් භාවිත කිරීම, භාවිත කරනු ලබන සියලූ දෙනාගේම යහපතට හේතු වේ. එසේම නව මාධ්‍යයේ දීප්තිමත් අංගයක් වූ Face book   සමාජයේ හරයාත්මක ප‍්‍රගතිශීලී වෙනසක් උදෙසා භාවිත කළ යුතුය. එවිට සමාජ ධර්මතාවයන් සුරක්ෂිත වන ප‍්‍රගතිශීලී  සමාජයකට දොරඟුළු විවර වනු ඇත.  එසේ නොවුනහොත් සිදු වන්නේ  සම්ප‍්‍රදායික සමාජයේ  කළු කුමාරයාගේ ප‍්‍රතිබිම්බය නව මාධ්‍ය කැඩපත තුළින් දැකීමටය. නමුත් ඒ දකින මුහුණුපොතේ කුමාරයාගේ ආවේෂය කළු කුමාර ආවේෂයට වඩා භයානක වනු ඇත.                                                                    
                          
 සැකසුම  :   එම් එල් සිතාරා සෙව්වන්දි                                    
                                         



Saturday, August 27, 2016

එලියා කසාන් නම් වු සිනමාකරුවා

එලියා කසාන් නම් වු සිනමාකරුවා 1909 සැප්තැම්බර් 07 වන දින මෙලොව එළිය දුටුවේය. ඔහුගේ උපත තුර්කියේ කොන්ස්තන්තිනෝපල් නගරය තුළ සිදුවිය. වර්තමානයේ කොන්ස්තන්තිනෝපලය ‘ඉස්තාන්බුල්‘ලෙස හැඳින්වේ. එලියා කසාන් උපත ලැබු පසු ඔහුට හිමි වු නාමය වන්නේ Elina Kazantzoglou  ය එලියා කසාන් නම් සිනමාකරුවාගේ දෙමාපියන් තුර්කියේ ජිවත්වුණු ග‍්‍රිකයන් විය. ඔහුගේ පියාගේ නාමය ජෝර්ජ් වන අතර මව ඇතීනාKazantzoglou  නම් විය. මවගේ පවුලේ පාර්ශ්වයේ පිරිස කපු විකුණනු ලබන පවුලක් විය. එම කපු එංගලන්තයෙන් ගෙන්වනු ලබයි. ගෙන්වා තොග ලෙස විකිණිම සිදු කරයි. එලියා කසාන්ගේ පියා නියුතු වු වෙළදාම හේතු කොටගෙන ඔවුනට එක්සත් ජනපදයට යාමට සිදුවේ. පියා සදාතනික වෙළෙන්දෙක් ලෙ වැඩ කිරීම නිසා එක්සත් ජනපදයට සංක‍්‍රමණය විය. ඒ වනවිට එලියා කසාන් දරුවා වයස අවුරුදු හතර වෙනි වියෙහි පසු වුයේය.
 එලියා කසාන්ගේ සහෝදරයා අව්රම් නම් විය. ඔහු බර්ලින් වලදි උපත ලබා ඇත. එලියා කසාන්ගේ සහෝදරයා වන අව්රම් පසු කාලයේ මනෝ චිකිත්සකයෙක් බවට පත්විය. එලියා කසාන් කුඩා කල ඉතාමත් ලැජ්ජාශිලි දරුවෙක් විය. ඔහු පාසල තුළ තනියම සිටිමට වැඩි කැමැත්තක් දැක්වීය. පාසලේ අනෙක් ශිෂ්‍යයන්ගෙන් මෙන්ම ඔහු බොහෝවිට හුදකලාව කල් ගෙවීය. එලියා කසාන්ගේ ළමා කාලය තුළ තිබු කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස මෙම ලැජ්ජාශිලි බව දැකිය හැක.
 1913 වසරේදී එලියා කසාන්ගේ උප්පත්තියෙන් ලැබු නමෙහි අඟ කොටස වන Kazantzoglou නාමය Kazantzoglouලෙස කෙටි කළේය. එලියා කසාන්ගේ දෙමාපියන් තමන්ගේ දරුවා වන එලියා කසාන් පවුලේ ව්‍යාපාර කරගෙන යනු ඇතැයි බලාපොරොත්තු විය.
 මෙලෙස එලියා කසාන්ගේ මුලික ජිවන තොරතුරු දැක්විය හැක.
 එලියා කසාන් නැමැති සිනමාකරුවාගේ අධ්‍යාපනික පසුබිම පිළිබඳ මෙලෙස අවධානය යොමු කළ හැක. එලියා කසාන්ගේ මුලික අධ්‍යාපනය නිව්යොර්ක් නඟරයේ පොදු පාසල තුළින් ලබා ඇත. පසුව නව රොවල්, නිව් යොර්ක් තදාසන්න නගරය තුළ පොදු පාසැල් අධ්‍යාපනය ලැබීය. නව රෝවෙල් උසස් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මැසචුසෙට් හී විලියම්ස් විද්‍යාලයට ඇතුළත් විය. ඔහු 1930 උපාධිය ලබා ගත්තේය. 1930 -1932 කාල වකවානුව තුළ එලියා කසාන් යේල් නාට්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුයේය.

 සිය අධ්‍යාපනය සඳහා ඔහුට මුදල් අවශ්‍යය විය. එහි වියදම සොයා ගැනීම සඳහා ඔහු විවිධ රැුකියාවල නිරත වුයේය. වරක් පිඟන් සෝදන්නෙකු ලෙසත්, තවත් වරෙක මත්පැන් හල් සේවකයෙකු ලෙසත් නිරත විය. ඔහු මත්පැන්හල් සේවකයෙකු ලෙස කටයුතු කර නමුත් කිසි දිනක මත්පැන් පානය නොකළ බව ඔහු සඳහන් කර තිබේ.

ලියා කසාන් ගේ ළමා කාලය ඔහුගේ පවුල පිළිබද විස්තර ඇතුළත් කෘතියක් ලෙස autobiographical book  දැක්විය හැකිය. ඒ තුළ ඔහුගේ අධ්‍යාපනික පසුබිම පිළිබඳ තොරතුරු අඩංගුය.  
 මෙවැනි අධ්‍යාපනික පසුබිමක් එලියා කසාන් සිනමාකරුට තිබිය  
 එලියා කසාන් නම් සිනමාකරුවා සිනමාවට ප‍්‍රවේශය සිදුවුයේ ඔහුගේම ස්වෝත්සහාය තුළිනි. ඔහුට සිනමාව සිය මව්පිය උරුමයෙන් ලැබු දායාදයක් නොවීය. ඔහු සිනමාවට ප‍්‍රවේශ වීම සිදුවුයේ ක‍්‍රමක් ක‍්‍රමයෙනි. සිනමාව ඔහුගේ ස්ව කැමැත්ත උත්සාහය කැපවීම තුළ ලබාගත්තා වු අගනා භගා්‍යයකි. එලියා කසාන් යේල් නාට්‍ය විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමෙන් අනතුරුව ඔහු නිව්යොර්ක් නගරය බලා පිටත්ව ගියේය. එසේ පිටත්ව යනු ලැබුවේ තම සිතෙහි නව බලාපොරොත්තු ද සමඟිනි. එනම් වේදිකා නළුවෙක් වීමේ අභිප‍්‍රායෙනි. මෙසේ පැමිණිමෙන් පසු එලියා කසාන් වේදිකා නළුවෙක් වීම සඳහා අඩිතාලම සපුරා ගැනීමට වෑයම් කළේය. ඊට අවශ්‍ය අවකාශය ලබා ගැනීමට ඔහු ඉතාමත් කැපවීමෙන් යුතුව ක‍්‍රියා කළේය. වේදිකා නළුවෙක් වීමේ පළමු අවස්ථාව ලෙස කුඩා කණ්ඩායම් නළුවෙක් විය. එහිදි සමාජය තුල ඇති ප‍්‍රශ්න හා රඟපෑම තුලින් ගෙනහැර දැක්වීය. දේශපාලනය සම්බන්ධ රංගනයන් ද ඔහු සිදු කළේය. සමුහයක් ලෙසින් වේදිකා නාට්‍යය තුළ සිදුකළ රංගනයන් තුළින්ද ඔහු සිය රංගන කුසලතාවයන් එළි දැක්වීය. 

එලියා කසාන් ඔවුන් විසින්ම පිළිගතයුතු අරගලයක් කිරීමෙන් පසු ඔහු ඔහු ඇමෙරිකාවේ ස්වයං ඔහුගේ පළමු ශක්තිමත් හැඟීමක් සොයා ගමන් කළේය. එලියා කසාන් පිළිබඳ ලියවී ඇති ඔහුගේ චරිතාපදානය තුළ, එලියා කසාන් මෙසේ ලියනු ලබයි.  
 ‘‘සමුහයේ මෙතෙක් මට සිදු වු වෘත්තීය හොඳම දේ විය. මම පුදුම මිනිසුන් හමු විය. Strasberg සහ හැරල්ඞ් වසර  තිහකට පමණ ඔවුන් දෙදෙනාම ආකර්ශනීයයි බය නැති නායකයා ලෙස සඳහන් කර තිබිය.  
 එලියා කසාන් 1947 Actors Studio ද ආරම්භ කළේය. ජනප‍්‍රියත්වයක් ලබා නැති වැඩමුළුRobert Lewis  සහ Chery Crawford  සමඟ ඉතාමත් ඉක්මණින් ජනප‍්‍රිය විය මෙහි කසාන් පැහැදිලි හා ආකර්ෂණිය තරුවක් විය. ඒ බව වඩාත් හොඳින් කැපී පෙනිණි. 

එලියා කසාන්  method   නම් රංගන ක‍්‍රමය භාවිතා කළේය.  method  රංගන ක‍්‍රමය යනු තම පෞද්ගලික අත්දැකීමක් මතකයට නගා ගනිමින් රංගනය සිදු කරනු ලැබේ. මෙම සමුහයේ රඟහල 1941 විසුරුවා හරිනු ලබයි. මෙහිදී කසාන්ගේ ජීවිතයේ තීරණාත්මක කේන්ද්‍රීය වෙනසක් සිදුවෙනු ලබයි. එනම් සිය වෘත්තීය ජිවිතය ලෙස ඔහු අධ්‍යක්‍ෂණ භුමිකාව තෝරා ගනු ලැබේ. මෙය ඔහුගේ ජිවිතයේ එක්තරා හැරයුම් ලක්ෂයක් විය.  
 ඔහුගේ මුල්ම අධ්‍යක්‍ෂණ ව්‍යාපෘතිය 1942 වසරේ සිදු කරනු ලැබුවේය. එයThe Skin of our Teeth   නම් විය. ඔහුගේ පළමු චිත‍්‍රපට අධ්‍යක්ෂණය A Tree Grows  නම් විය. 

මෙම චිත‍්‍රපටය සිදු කරනුයේ 1945 දී රචිත බෘක්ලීන් වැඬේ නවකථාව ඇසුරෙනි. මේ වන විට එලියා කසාන් චිත‍්‍රපට අධ්‍යක්‍ක්ෂකවරයෙක් ලෙස සාර්ථකත්වයට පත් විය.  
 1947 දී සිදුකළ Gentleman’s Agreement  නම් චිත‍්‍රපටය සමාජ ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුා කළ චිත‍්‍රපටයකි. එය යුදෙව් විරෝධය පිළිබඳ චෝදනා පත්තරයකි. කසාන් 1949 දී Pinky interracial නමින් විවාහය පිළිබඳ නාට්‍යක් සිදු කළේය.  
 1963 දී එලියා කසාන් America America  නමින් චිත‍්‍රපටයක් කළේය. මෙම චිත‍්‍රපටය සැදීම සඳහා සිය දෙමාපියන් සමඟද සම්මුඛ සාකච්ඡුා පවත්වා ඇත. ඒ සිය ළමා කාලය පිළිබඳ තොරතුරු ලබා ගැනීමටය. චිත‍්‍රපටය සිදු කර ඇත්තේAutobiographical Book  නම් කුඩා කාලයේ විස්තර ඇසුරෙනි.  මෙලෙස ඔහු සිනමාවට ප‍්‍රවිශ්ට වීම පිළිබඳ තොරතුරු දැක්විය හැක.
 කසාන්ගේ වෘත්තීය ජිවිතය සඳහා එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු ක‍්‍රියාකාරකම් කමිටුව, අන්තර් ක‍්‍රියා මගින් බාධා ඇතිවිය. එවකට කොමියුනිස්ට්වාදය ගැනීමට ඇමරිකාවේ ’’සබඳතා පර්යේෂන ෆෙඩරල් කමිටුවක්’’ විය. එය HUAC බලපෑම යටතේ කසාන් කොමියුනිස්ට් පක්ෂයේ ක‍්‍රියාත්මක කරන්නට යුහුසුළු විය. නමුත් එයට බාධා ඇතිවිය. 1930 සමුහ රඟහල තුළ කොමියුනිස්ට් දේශපාලනය නියුතු වු කසාන්ගේ මිත‍්‍රයන් අටදෙනෙක් පිළිබඳ ඔහු තොරතුරු අනාවරණය කළේය. මේ නිසා සිය මිතුරන් කසාන් සමඟ අමනාප වන්නට ද විය. තමා කොමියුනිස්ට දේශපාලනයේ නියුතු වු බව කසාන් පිළිගෙන ඇත. එය ඇමරිකාව තුල තහනම් විය. මෙවැනි දේශපාලනය හා සම්බන්ධ විශේෂ සංසිද්ධින් ද කසාන්ගේ ජිවිතය තුළ විය.  
 එලියා කසාන් අධ්‍යක්‍ෂකවරයෙක් ලෙස සිය සිනමා භුමිකාව තුළ සිනමා කෘති රැසක් අධ්‍යක්‍ෂණය කරනු ලැබීය. ඔහු සිනමා කෘති පිළිබඳ මෙසේ අවධානය යොමු කළ හැක.  
A Streetcar චිත‍්‍රපටය සිදු කිරිමට කසාන් කැලිෆෝනියාවට පිටත්ව ගියේය. මෙම චිත‍්‍රපටය හොලිවුඞ් චිත‍්‍රපටයකි. A Streetcar සහ  A Streetcar මෙහි ප‍්‍රධාන චරිත රඟපෑහ.Virile Stanley Kowalski  සහ Viven Legn  යන අයද මෙහි රඟපෑමෙහි නිරත විය.  
 කසාන් 1947  Gentieman’s Agreement  සමාජ ප‍්‍රශ්න ගැන සාකච්ඡුා වන චිත‍්‍රපටයක් විය. එය යුදෙව් විරෝධය පිළිබඳ චෝදනා පත‍්‍රයකි.  
 එලියා කසාන් 1951 දී  A Streetcar Named Desire  චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළේය. මෙම චිත‍්‍රපටය තුළ ද මාලන් බ්රැුන්ඩෝ ස්ටැන්ලි නම් චරිතය මෙහි රඟපානු ලබයි. කිම් හන්ටර් මෙහි රඟපෑමෙන් එක් වී සිටින්නේ ස්ටැන්ලිගේ බිරිඳ වන ස්ටෙලා ලෙසය.  
 1952 Viva Zapta  චිත‍්‍රපටය මෙක්සියානු විප්ලවාදී කතාවක් පදනම් කරගත් විත‍්‍රපටයකි. එහි ප‍්‍රධාන නළුවා වුයේ මාලන් බ්රැුන්ඩෝය. 

1954 දී On the Water front  නමින් චිත‍්‍රපටයක් කළේය. එහි ප‍්‍රධාන නළුවා වුයේ මාලන් බ්රැන්ඩෝය. විරූපි මුහුණක් ඇති නැව්වල වැඩ කරන පෙර බොක්සිං ක‍්‍රීඩකයෙක් ලෙස කටයුතු කල පුද්ගලයෙක් පිළිබඳ ද මෙමඟින් කියවේ. එහි නිව් පර්සි ඔහුගේ නිල කරපටි අස්ල්වැසි වෘත්තීය සමිති නඩයක් පවත්වාගෙන යනු ලබයි. ජොනි, ටෙරී. ලිපේ කොබ් මෙහි වු චරිත විය. මියගිය සොහොයුරියක් පිළිබඳ සාක්ෂි් සෙවීමක් ද මේ තුළ විය.  
 1955 කාසාන් නැගෙනහිර ජෙම්ස් පීඨාධිපති නමින් චිත‍්‍රපටයක් කළේය. එම චිත‍්‍රපටයJoen Steinbeack  නවකතාව ඇසුරෙන් සිදු කරන ලදී.  
 කසාන් වේදිකාව සම්බන්ධ කටයුතු ද අත් නොහලේය. එහිදී කසාන් ප‍්‍රධාන නාට්‍ය රචකයන් සමඟ අඛණ්ඩව කටයුතු කිරිම සිදුවිය. 

 Tennessee Williams  
Whose Cat on a Hot Tin Roof  
Sweet Bird of youth 

 එලියා කසාන්ගේ මඟ පෙන්වීම යටතේ විවෘත විය.  
කසාන් 1955 දී  East of Eden  නම් චිත‍්‍රපටයක් කළේය.Joen Steinbeck   ගේ වීර කාව්‍ය නවකාතාව මත පදනම් වෙමින් මෙම චිත‍්‍රපටය සිදු කර ඇත. පාලි භාෂාවෙන් ලිය වී ඇත්තකි. යාකොබ්, රිවඞ්,Avalos දි ජෝ වෑන් අය මෙහි රංගනයෙන් නියුතු වේ. එලියා කසාන් පහත චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කළේය. 


1945 Tree Grows in Brcoklyn  
1947 The Arrangement  
1949 Pinky  
1952 Viva Zapata  
1956 Baby Doll  
1957 Face in the Crowd  
1960 Wild River  
1961 Splendor in the Grass  
1963 America America 
 එලියා කසාන් නම් සිනමාකරුවා ඔහු තුල තිබු දක්ෂ හැකියාවන් නිසාම බොහෝ සම්මාන හිමිකර ගෙන ඇත. මේ නිසාම ඔහු කිර්තිමත් සිනමාකරුවෙක් ලෙස ඇගයීමට පාත‍්‍ර වී ඇත.


හොඳම අධ්‍යක්‍ෂණය යන සම්මානය සඳහා ඔස්කාර් සම්මාන උළෙළෙදී සම්මාන ලබා ගැනීම් ද ඒ සඳහා නිර්දේශ වීමද සිදු වී ඇත.  
1948 ඔස්කාර් සම්මාන උත්සවයේදී කසාන්Gentleman’s Agreement ( 1947)  චිත‍්‍රපටය සඳහා හොඳම අධ්‍යක්‍ෂක සම්මානය දිනාගෙන ඇත.  
1952 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂක සම්මානය සඳහා  A streetcar Named Desire  චිත‍්‍රපටය නිර්දේශ වී ඇත. 
1955 දී ඔස්කාර් සම්මාන උළෙලේදී දබ එයැ අ්එැරරෙදබඑ :1954* චිත‍්‍රපටය සඳහා හොඳම අධ්‍යක්‍ෂක සම්මානය හිමි වී තිබේ.  
1956 දී ඔස්කාර් සම්මාන උළෙලේදී එලියා කසාන්ගේ on the waterfront (1954) චිත‍්‍රපටය හොඳම අධ්‍යක්‍ෂණය සඳහා නිර්දේශ වී ඇත. 

1964 දී ඔස්කාර් සම්මාන උළෙළෙදී හොඳම තිර රචනය කතාව සහ  Screenplay – Written Directly for Screen සම්මානය සඳහා එලියා කසාන්ගේ  America America (1963)  චිත‍්‍රපටය නිර්දේශ වී ඇත.  
1964 දී ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම රූපය සම්මානය සඳහා කසාන්ගේ   America America (1963) චිත‍්‍රපටය නිර්දේශ වී ඇත.  
 Golden Globes, USA සම්මාන උළෙලේදී හොඳම එලියා කසාන් සම්මාන රැුසක් හිමිකර ගත්තේය.  
1948 Golden Globes  සම්මාන උළෙලේදී Best Motion, Picture අධ්‍යක්ෂනය සඳහා එලියා කසාන්ගේ  Gentleman’s Agreement ( 1947.) චිත‍්‍රපටය සඳහා සම්මාන හිමිවිය.   
1955  Golden Globes  උළේලේදී හොඳම අධ්‍යක්‍ෂණය සඳහා කසාන් සම්මානයක් හිමිකර ගනු ලැබුවේ. on the water Front (1954)   සඳහා ය. 
1957 මෙම සම්මාන උළෙලේ දීBest Motion Picture  අධ්‍යක්‍ෂණය සඳහා සම්මානයක් දිනා ගත්තේය. ඒ ඔහුගේ Baby Doll ( 1956) චිත‍්‍රපටය සඳහාය.  
1964 දී එලියා කසාන් Golden Globes   උළෙලේදී  Best Motion Picture අධ්‍යක්‍ෂණය සඳහා සම්මානයක් ලබා ගත්තේය. ඒ කසාන් මෙම සම්මානය ලබා ගත්තේ ඔහුගේ   America America (1956) චිත‍්‍රපටය වෙනුවෙන්ය.  
1953 Special Prize of the Senate of Berlin සම්මානය එලියා කසාන්ගේ Man’ on a Tightrope  චිත‍්‍රපටය වෙනුවෙන් ලබා ගත්තේය.  

එලියා කසාන්ගේ 1963 Wild River   චිත‍්‍රපටය 1960 Golden Berlin Bear  බර්ලින් සම්මාන උත්සවයේදී සම්මානය සඳහා නිර්දේශ වී ඇත.  
1956 බර්ලින් ජාත්‍යන්තර සම්මාන උළෙලෙදී එලියා කසාන් ්‍යදබදර්රහ ඨදකාැබ ඊැරකසබ ඊැ්ර සම්මානය දිනා ගැනීමට සමත් විය.  
එලියා කසාන් මෙවැනි සම්මාන රැුසක් දිනාගෙන සිය සිනමා කෞෂල්‍ය මැනවින් විදහා දැක්වු සිනමාකරුවෙකි. ඔහු තුළ වු මේ සුවිශේෂි වු දක්ෂතාවන් හේතුකොට ගෙන ඉතාලිය වැනිසිය, ලෝරල් වැනි රටවල් සහ වෙනත් රටවල් නගර වලින් සම්මාන හිමිවිය. විදේශ රටවලින් එවැනි සම්මාන හිමිවීමට තරම් ඔහු සිනමා හැකියාවන්ගෙන් පරිපුර්ණ වු සිනමාකරුවෙකි.   
වැනිසිය තුළ පැවති සම්මාන උළෙලෙදී එලියා කසාන් සම්මාන ලබාගෙන ඇත.  
1965 Sant Jordi Awards  සම්මාන අවස්ථාවේදිSant Jordi   හොඳම විදේශීය චිත‍්‍රපටය නම් සම්මානය  America America (1963) චිත‍්‍රපටය වෙනුවෙන් එලියා කසාන් ලබා ගත්තේය.   

එලියා කසාන් නම් වු සිනමාකරුවා තුළ පැවති සිනමා ශඛ්‍යතාවයන් හේතු කොටගෙන ඔහු බොහෝ ඇගයීම් සම්මානයන්ද සඳහා පාත‍්‍ර වී ඇත. මෙවැනි සිනමා ජයග‍්‍රහණයන් හිමිකර ගැනීමට ඔහු තුළ වු දක්ෂතාවය සේම කැපවීමද හේතු පුර්ණ විය. සිනමා ලෝකය තුළ සිටින සිනමාකරුවන් අතරින් එලියා කසාන් ද සුවිශේෂි සිනමාකරුවෙක් වේ.  එසේම එලියා කසාන් කීර්තිමත් සිනමා කෞෂල්‍යයෙන් පරිපුර්ණ වු සිනමාකරුවෙක් ලෙසද හැඳින්විය හැක.  





















දිවි ගමන


වත්මන් තාරුණ්‍යයේ ප්‍රේමය රාගයේ ප්‍රතිබිම්බයක්ද ?



මිනිසා පිළිබඳ වෘත්තාන්තතයෙහි එක් වැදගත් තීරණාත්මක සාධකයක් බවට තාරුණ්‍යය පත්වේ. තාරුණ්‍යය මතකයට නඟන නිමේෂයට පවා මිනිස් සිත නිම්හම් නැති පී‍්‍රතියකින් ඔකඳ වෙයි. නෙත් සිත් පිනා යන ආශ්වාදයකින් ඔහු සන්තර්පණය වේ. මෙසේ වන්නේ ඔබටත් මටත් තාරුණ්‍යය සුවිශේෂී සොදුරු කාලපරිජේදයක් වන නිසා නොවේද? එකී සොදුරු තාරුණ්‍යය ජීවත් කරවීමට අවැසි හුස්ම පොඳ වන්නේ පේ‍්‍රමය බව නොරහසකි. පුද්ගලයෙකුට ජීවිතයේ සොදුරු ආශ්වාදයන් පේ‍්‍රමය තුළින් අත්දැකිය හැක. පේ‍්‍රමය නැමති සාධකය විවිධාංගීකරණය කළ හැකිය. මව්පියන් සහ  දරුවන් අතර ඇති වන පේ‍්‍රමය සහෝදර සහෝදරියන් අතර ඇති වන ප්‍රේමය ලෙස විවිධ වූ විභේදනයන් ඇත.  නමුත් මෙහිදී තාරුණ්‍යයන් විෂයෙහි ඇති වන පේ‍්‍රම සම්බන්ධතාවන් පිළිබඳ වඩාත් සුපරික්ෂාකාරී විය යුතුය.

වර්තමානය වන විට වඩාත් විමර්ශනාත්මකව බැලිය යුතු කරුණක් බවට තාරුණ්‍යයේ පේ‍්‍රමය පත් වී තිබේ. මන්ඳයත් වත්මන් තාරුණ්‍යයේ පේ‍්‍රමය රාගික ස්වරූපයක් ගෙන ඇති බැවිනි. තරුණයා සහ තරුණිය අතර ඇති වන පේ‍්‍රමය අධ්‍යාත්මික ගුණාංගයන් පෙරදැරිව ඇති වන ආදරයක් විය යුතුය. එම ආදරය තුළ මානුෂීයත්වය විනිවිද දැකීමේ හැකියාවෙන් අනූන විය යුතුය. එසේම දෙපාර්ශවය අතර මනා අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. කායික සන්තර්පණය කේන්ද්‍රගත නොවූ පුළුල් මානසික අවකාශයකින්  සෙැබෑ පේ‍්‍රමය පරිපූර්ණ විය යුතුය. නමුත් කණගාටුවට කරුණක් වී ඇත්තේ  වත්මන් තාරුණ්‍යය, සොදුරු පේ‍්‍රමයත් රාගයත් පටලවාගෙන සිටීමය. ඔවුන් පේ‍්‍රමය නැමති මනෝඥ වූ සිත්තම දකින්නේ රාගික නෙතිනි. රාගික බැල්මෙනි. තරුණයෙක් හෝ තරුණියක් අතර ඇතිවන සැබෑ පේ‍්‍රමය ඇතිවන්නේ දෙහදක් අතර ඇති වන උත්තරීතර වූ නමුත් වත්මන් තාරුණ්‍යය මේ දෙහදක් අතර ඇති වෙන්නා වූ උත්තරීතර බැඳියාවට මූලිකත්වයක් දෙනු ලබන්නේ ඉතා සීමිත පිරිසකි. බොහෝ දෙනා දෙහදක් අතර ඇති වෙන මානසික චින්තනය විනිවිද දැකීම පසකලා Rooms සහ Box  හරහා ගොඩනැෙගන රාගික සංස්කෘතියක් පසු පස ලූහුබදිති. ඇතැම්විට තරුණයා සහ තරුණිය අතර ඇති වන ප‍්‍රථම හමුවීම මෙකී Rooms  සංස්කෘතියට අනුව සිදුවන අවස්ථා ඇත. ඒ තුළ කිසිදු දිනක උූත්තුංග පේ‍්‍රමයක් අත්දැකිය නොහැක. තවත් විටක රාගික පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සදහා සයිබර් අවකාශය යොදා ගනියි. එමගින් රාගික ක‍්‍රියාකාරකම් සදහා පාර සකසාගනු ලබයි. මේ තත්වයෙන් පරිහානයට, විනාශමුඛයට යනු ලබන්නේ ලාංකේය සංස්කෘතියේ වටිනා හරපද්ධතීන්ය.

සැබෑ පේ‍්‍රමය කෙදිනකවත් රාගයෙන් අත්විඳිය නොහැක.  යොවුන් වියේදී කායික සංසර්ගයට මූලිකත්වය දෙන පේ‍්‍රමය තුළ උතුම්  පේ‍්‍රමයක් අපේක්ෂා කළ නොහැක. එකී රාගිකත්වය තුළන් අව්‍යාජ වගකීම් සහගත පේ‍්‍රමයක්  ඇති නොවේ. පාසල් වියේදීම යොවූන් පේ‍්‍රමයෙන් මං මුළා වී ගැබ්බර වූ දැරියන් සමාජය තුළ සිටිය හැක.   එසේම  මෙවැනි අදුරු ඉරණකට මුහුණදීමට නොහැකිව අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් තරුණ පෙම්වතුන්ද ඇත. මෙවැනි අභාග්‍ය සම්පන්න සංසිද්ධීන්ට ඔවුන්ට මුහුණදීමට සිදුවන්නේ සැබෑ පේ‍්‍රමයත් ,රාගයත් එකිනෙකට පටලවා ගත්විටය.  ඒ බව නොදත් අසරණ තරුණ තරුණියයෝ අද වන විට රාගික මයා දැල්වලට හසු වී ඉමක් කොනක් සොයා ගැනීමට නොහැකිව ද`ගලති.
  
මොහොතක් සිතා බලන්න  අතීතයෙහි ගැමි ජීවිතය තුළ අත්දැකි පේ‍්‍රමය මොනතරම් පේ‍්‍රමනීයද? ගැමි ගුණ සුවඳ වහනය වූ එකී පේ‍්‍රමය තුළ මනා සංයමය ,අව්‍යාජ බව වඩාත් පැහැදිලිව දක්නට ලැබිණි. ද්වේෂයෙන් තොරව වූ  උත්තුංග පේ‍්‍රමයක් දක්නට විය. ඔවුන් විරාගික ගැඹුරු මනෝභාවයකින් පේ‍්‍රමය සංස්පර්ෂය කළහ. මේ නිසාම එම පේ‍්‍රමය මනා ශක්තිමත් භාවයකින් යුක්ත විය. එදා සහ අද දෙස මොහොතක් සංසංදනය කර බලන්න. එදා අපේ මුතුන් මිත්තන් පිවිතුරු ලෙස මනා සංයමයකින් පේ‍්‍රමය අත්විඳීය. නමුත් අද වර්තමානයේ කුඩා දරුවෙක් රැුගෙන බස් රථයක් තුළට ගොඩවිය නොහැකි වාතාවරණයක් සමාජය තුළ ඇති වී ඇත. මන්ඳයත්  ඇතමුන්  පේ‍්‍රමවන්තයන් යැයි කියා ගනිමින්අසංවරව පේ‍්‍රමයේ වෙලී හිඳී. මෙසේ අසංවර ලෙස රාගආශාවෙන් හැසිරෙන අව්‍යාජ පේ‍්‍රමවන්තයින් සමාජයේ නිමග්ගෙන සිටිති. සැබෑ ලෙස තමන්ගේ පේ‍්‍රමයට වටිනාකමක් දෙන්නේනම් කෙදිනකවත් එලෙස ප‍්‍රදර්ශනාත්මක ලෙස  හැසිරෙන්නේ නැත. තවද තමන්ගේ තරුණියට සබෑ ලෙස ආදරය කරන්නේනම්, එලෙස රාගික මානසිකත්වයෙන් ඇයව අපහසුතාවයට පත් කරන්නේද නැත. තමුන් ජීවත්වන සමාජ වපසරිය තුළ සිටින පිරිස් අපහසුතාවයට පත් නොවන ලෙස  පේ‍්‍රමයේ සැබෑ වටිනානකම අවබෝධ කරගනිමින් ප්‍රේම කළ යුතුය. එසේ කිරීම සමාජ සුබසිද්ධියට හේතුපූර්ණ වේ.  
 තරුණ තරුණියන් පේ‍්‍රම කළ යුතුය. පේ‍්‍රමය අත්විඳිය යුතුය. නමුත් පේ‍්‍රමයේ සීමා මායිම් දැන අවබෝධයෙන් පේ‍්‍රම කරන්නේනම් එකී පේ‍්‍රමය අගනා වන්නේය.  පේ‍්‍රමයේ සැබෑ පරමාර්ථයන් සංස්පර්ෂය කිරීමටනම් උතුම් වූ මානුෂීය ධර්මතාවයන්ට  අනුකූලව පේ‍්‍රම කළ යුතුය. එවැනි තත්වයක්  තුළින් සැබෑ පේ‍්‍රමයක් අත්විඳිය  හැක.   වත්මන් තාරුණ්‍යයේ පේ‍්‍රමය,  අනාගත පරපුරට සැබෑ පූර්වාදර්ශයක් වන්නේ, එය හිතුවක්කාර සුළගට ගසාගෙන යන පේ‍්‍රමයක් නොවී වගකීම්සහගත සබුද්ධික පේ‍්‍රමයක් වුවහොත් පමණි.

සැකසුම : සිතාරා සෙව්වන්දි      
                            

ආර්ථයක් නොමැත


Friday, August 19, 2016

තටු සළන තාරුණ්‍යයේ තටු සිඳින මාරයා



නිලඹර දිග්විජය  කරමින්  තටු සැළන සියතුන් සේ තාරුණ්‍යය සොඳුරුය. පුද්ගලයෙකුට ජීව්තයේ මිහිරිතම සංධ්වනියන් සංස්පර්ශය කළ හැක්කේ තාරුණ්‍යය තුළය. බුද්ධියේත්,  සත්‍යයේත් මානයන් ප්‍රසාරණය  කොට යථාර්ථය අත්ව්ඳිය හැකි කාලපරාසය වන්නේද තාරුණ්‍යයයි . මේ නිසා ගලායන  ජීව්ත ගංගාවේ රැදී සිටීමට අවැසි අවධිය බවට  තාරුණ්‍යය පත් වේ. පුද්ගලයෙකුගේ  කාල තිත්‍රවයෙන්   සුවිශේෂීම කාලපරාසය තරුණ කාලයයි. මන්දයත් ලෝකය සඳහා ආයෝජනය  කළ හැකි අනර්ඝතම අවධිය තරුණ අවධිය  වන බැවිනි. එයට හෙතුව් ශක්තිමත් දෙඅත් සහ තීක්ෂණ චින්තන ශක්තියකින් තරුණ කාලය පරිපූර්ණ වීමයි. කායික මානසික ශඛ්‍යතාවන් ඉහළින්ම පවතින  මෙම කාල පරාසය  විධිමත් ආකාරයෙන් ගත කිරීම ජීව්තයේ සාපතාවයන් අත්පත් කර ගැනීමට හේතු පුර්ණ වේ. නව්‍ය  සිතුම් පැතුම් නව්‍ය අත්දැකීම්  සොයා යන මෙම කාලය විටක තීරණාත්මක වන අතර තවත් වටක අභියෝගාත්මකද  වේ.
                             කවුළු පියන් හැර නිදහසේ කුරුළු කිරිල්ලියන් සේ පිය සළා යාමට වෙරදරන තරුණ්‍යයේ තටු සිඳ බිඳ දමන මාරයෝද සමාජයේ නිමග්ගෙන සිටිති. එකී මැරයන් අතරින් සිටින බිහිසුණු මාරයෙක් මේ වන විට තරුණ ජීව්ත විනාශ කරමින් සජයේ අරක්ගෙන  ඇත. එමගින් තරුණයාගේ බුද්ධිය හැකියාව පෞරුෂය අකර්මන්‍ය කරමින් මුළු මහත් ජීව්තයටම පිළිලයක් වී තිබේ. තරුණ ජීව්ත විනාශ කරන මෙම මාරයා අන් කවරෙක් නොව  මත්ධව්‍ය නමැති  මරුවාය.  අද වනවිට  මත්ධව්‍ය තරුණයා විෂයෙහි ඇතිකරන බලපෑම සුළු පටු නොවේ. එය මුළු මහත් සමාජයම ව්‍යසනයට පත්කර ඇත.  මේ නිසා තරුණ පරපුරට මුණ දීමට සිදුවන අවසාන ප්‍රතිපලය කණගාටුදායකය. තරුණ ජීව්තයේ සොඳුරු ඉසව්වන් සොයා යන ගමනාන්තය  ඛේදාන්තයෙන්  අවසන් වීමට මත් රකුසා පර කියා ඇත. 
යටත්විජිතවාදයේ ප්‍රතිපලයක් වූ මත්ද්‍රව්‍ය ජාතියේ අභිවෟද්ධියට සංවර්ධනයට ඉමහත් බලපෑමක් සිදු කරමින් පවතී. එමගින් පන නගින සමාජ ප්‍රශ්න ගැටළු හේතුවෙන් සමාජය අසංවිධිත කර ඇත. මත්ද්‍රව්‍ය මුළු මහත් සමාජයටම පිළිලයකි. තරුණයා කායික මානසික විරූපී පුද්ගලයෙකු කිරීමට මත්     භාවිතය හේතු පුර්ණ වේ. ශරීරයේ අභ්‍යන්තර බාහිර ඉන්ද්‍රීය කොටස් විනාශ වී බරපතළ ලෙස කායික සෙෳඛය පිරිහීමට මත්දව්‍ය බලපානු ලබයි. එපමණක් නොව මානසික ඒකාග්‍රතාවය නොමතිවව  මත්ද්‍රව්‍ය  සිහිය විකෘති වීමට මත්     හේතුවේ.අවසනයේ මානසික අබධිතයකුද  විය හැක  තවද පුද්ගලයෙකු කොතරම් ධනය ඉපයීමක් සිදු කලද  ඒ සියල්ල දියට දැමු ඉනි මෙන් ව්නාශ මුඛයට යනු ලැබේ.මේ නිසා මානසික ව්‍යාකූලතාවය තව තවත් වැඩි වේ. අපකීර්තිමත් ඉරණමක් පමණක් අවසානයේ ඉතිරි වේ.  මෙය භාවිත කරන්නට පමණක් නොව භාවිත නොකරන්නටද  පීඩනයක් හිංසනයක්  ඇති කරයි. මේ නිසා සමාජ සුවතාවය සමාජයෙන් ගිලිහී මුළු මහත් සමාජයම පිරිහීමට පත් වේ මේ නිසා විවිධ දුරාචාර , පවුල් සංස්ථාන් බිඳ වැටීම වැනි සමාජ ප්‍රශ්න රැසක් ඇති වේ  මෙවැනි අභාග්‍ය සම්පන්න  සංසිධියකට තරුණ ජීවිත බිලි ගැනීමට ඉඩ දී බල සිටිය හැකිද? අනාගතය මේ තුළින් විනිවිද දකින්නේ කෙසේද? මේ දෙස ව්මර්ශනත්මකව බැලීමට කාලය එලබ තිබේ. මෙවැනි තවක් දෙස දෙසවන් වසා  දෑස් වසා  සිටි කාලය අහවර කළ යුතුය. ඇතැම්විට එය උඩුගං බල පිහිනනවා සේ අසීරු කාර්යක් විය හැක. තාරුණ්‍ය ව්නාශ කරන මෙකී ව්‍යසනයට ව්රෝදය පෑ යුතුය.ප්‍රගතිය පතන ජාතියක් ලෙස නැගී සිටීමටනම් මේ මත රකුස පලව හැරීමට සියලු දෙන එකසේ පෙළ ගැසිය යුතුය. එසේ නොවුනහොත් සිදු වන්නේ ජාතියේ සංවර්ධනයට කණ කොකා හැඩීමය.  අනාගතයේ සංවර්ධන සංස්පර්ෂයන්  සොයා යාමට වෙර දරන තාරුන්‍යයේ දෑත් තව තවත් ශක්තිමත් කිරීමට මත්ද්‍රව්‍ය   සමාජයෙන් තුරන් කළ යුතුය. ඒ තුළින් කායික මානසික පරිපූර්ණතත්වයෙන් හෙබි ශක්තිමත් තරුණ කැළක් රට තුළ ඇති වේ. එවැනි මතින් තොර සොඳුරු දැයක් නිර්මාණය කර ගැනීමට සියලු දෙනා එකසේ මත පිටු දැකිය යුතුය. 

සැකසුම : සිතාරා සෙව්වන්දි

Sunday, August 7, 2016

රාත්‍රිය



තරුමඬල    පිරිවරා
සඳ කුමරු හිනහුනා
කුමුදු මල් ඇහැරිලා
සඳට එබිකම් කලා



සඳ කැනින්  නැහැවිලා
මද සුළගෙ     දැවටිලා
ගුමු ගුමුවේ  නැළවිලා
මුළු රැයම  හැඩවෙලා




මල් සුවඳ         පතුරමින්
මේ නිසල       රැය ඇවිත්
මා අවට             සැරිසරා
සිත මගේ සොරකම් කළා






Saturday, August 6, 2016

සිතමුද?..











හිරු  එනු බලා හිනහෙද්දී             නෙළුම් මලක් 
විකසිත වෙලා දුක් වෙන හැටි           කුමුදු මලක්
කෙනෙකුගේ සැපත තව කෙනෙකුට හරිම දුකක් 
අටලෝදහම ගැන   සිතමුද?            තවත් ටිකක්  

උවැසියකගේ සිතුවිල්ල




මම තනි උනෙමි දන් සාලවේ කොණක
සිත නතු කළෙමිඅරහං නවගුණ  වැලක
සමාධියට ගෙන මගේ දුවන සිත     රැක 
විදසුන් වඩා නිමාකරනෙමි සසර     දුක 

ජීවිතය

මනුෂ්‍යයා වනාහි සියලුම සත්ව කෝට්ඨාසයන් අතරින් බුද්ධිමත් සත්වයා වේ. මනුසත් ජීවිතයක ඇති වටිනාකම කියාපෑමට භාෂාව ප්‍රමාණවත් නොවේ යැයි මට  හැඟේ. මන්ඳ ඒ තරමටම මනුෂ්‍ය ජීවිතය උත්තුංග වන්නේය.මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අසීරුයි, යනුවෙන් සමාජය තුළ කියමනක් ද ඇත. ජීවිතය නමැති නොනවත්වා ගලා යන ප්‍රවාහයට අප නියමිත වටිනාකමක් දී තිබේද? යන කරුණ සිතන්ට කාලය එළඹ තිබේ. ජීවිතය සාර්ථක කර ගැනීමට මත්තෙන් ජීවිතයට වටිනාකමක් දිය යුතුය. සාර්ථකත්වයේ  හිනිමංපෙත්ත තරණය කිරීමේදී  ජීවිතයේ සුන්දරත්වය අපි මුලින්ම දැකිය යුතු වෙමු. ජීවිතය ජීවත් කරවීමට බලාපොරොත්තු තිබිය යුතුය. එකී අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට අප තුළ අධිෂ්ඨානයක් පැවතිය යුතුය. එවිට ජීවිතයට අර්ථයක් ඇතිවේවි. ජීවිතය ජීවත් කරවීමට නොනිත් ආසාවක් සිත තුළම උපදීවී. ජීවිතය ඇත්තේ, විඳීමට මිස විඳවීමට නොවේ. චාල්ස් වෙන්ඩම් වරක් ප්‍රකාශ කර ඇත්තේ '' ජීවිතය සාර්ථක කරගැනීමට බුද්ධියට වඩා වැදගත් වන්නේ උත්සාහය යන්නයි '' ජීවිතය තුළ අප කිසියම්  දෙයක් අපේක්ෂා කරන්නේනම්, ඒ දෙය නොලැබේවි යන්න සුසුම්ලෑම පසකලා එයට යම් උත්සහයක් දැරීම අගනා වන්නේය. ජීවිතය යනු අශ්වාස ප්‍රාශ්වාස කිරීමක් නොවේ. ජීවිතයට වටිනාකමක්, වගකීමක් දිය යුතුය. වගකීමක් නැති ජීවිතය අයාලේ යන සුළං පොඳක් වැනිය.  ජීවිතයට ඉලක්කයක් පැවතිය යුතුය. ජීවතිය ගංගාවක් නම්, ඉලක්කය නමැති සමුදුර  හමුවනතෙක් යායුතුය. ඒ සඳහා අනවරථ අධිෂ්ඨානයක් මනුසත් සිතක පවතින්නේනම්, ඔහු ජීවිතයක වටිනාකම පසක් කර ගත්තෙකි. මතු දිනක ජීවතය දිනන්නෙකි. 

සැකසුම : සිතාර සෙව්වන්දි

Tuesday, August 2, 2016

මුදලක අරුමය


මිනුසුන් නොමිනිසුන් කරනා 
දුප්පතුන් ධනවතුන්  කරනා
රුපියල් කාසි, කොළවලින් 
ලෝ දනා මුසපත් වෙලා

අවි   මුගුරු       අත් දරා
පාප සිතුවිලි   සිත් දරා
ධන ආශාවේ පොර කකා
මුදල් සොයයි හති දමා

සිතේ සැනසුම නැති කරන්
අනේ,  බව  කතර  දික්කරන් 
ආශාව      පොඳි           බැඳන්
සිටියි,  කාසිමලු හිරකරන්

තරම දැන උපයමින් 
දහම් සිත පතුරමින්
සුදු සල්ලි වැපුරුවොත්
පිරේ සිත සැනසුමෙන් 


Monday, August 1, 2016

සත්‍ය වැටහෙනු ඇත...


මවන්නන් ඉදිරියේ 
සත්‍ය
නොසොයා
මවන්නන් ඉදිරියේ 
මැවීමේ ක්‍රමය 
ඉගනගත් කළ
සත්‍ය
වැටහෙනු ඇත...

ජෙලිෆිෂ්


ජෙලිෆිෂ් මත්ස්‍යයන් වසර මිලියන ගණනාවක ඉතිහාසයක් පවතින සත්ව කොට්ඨාශයක් ලෙස  සැළකේ. ඩයිනෝසර් යුගයටත් පෙරාතුව මෙම මත්ස්‍යයන් වාසය කර තිබේ .නියමිත හැඩයක් නොමැති වුවත් මොවුන්  ජලයේ පාවෙන විට ඉතාමත් ආකර්ශණීය වේ. ලෝකයේ  විසකුරු සත්ව ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ බොක්ස් ජෙලිෆිෂ්  මත්ස්‍යයන් වන අතර මොවුන් ආසියව සහ ඕස්ට්‍රේලියවේ ජල ප්‍රදේශයන්හි දැකගත හැකිය. ජෙලිෆිෂ්   මත්ස්‍යයන් මිනිසාට දෂ්ඨ කිරීමෙන් මිනිස් හදවතට සහ ස්නායු වලට බලපෑම් කරනු ලබයි. එමඟින් පුද්ගලයකු ජීවිතය පවා අහිමිවීම සිදු වේ. මොවුන් දෂ්ඨ කළවිට තප්පර 30 ක් ඇතුළත විනාකිරි ආලේප කිරීමෙන් ශරීරයට ඇතුල් වූ විෂ අක්‍රීය වනු ඇත.ජෙලිෆිෂ්  මත්ස්‍යයන් ගොදුර ලෙස ගනු ලබන සැමන් සහ හෝස්, මකරල් වැනි මත්ස්‍යන් අධික ලෙස දඩයම නිසාද මෙම සතුන්ගෙ ව්‍යාප්තිය  වේගවත් වී ඇත.


වර්තමානය  වනවිට ජෙලිෆිෂ්  මත්ස්‍යයන්  ධීවර  කර්මාන්තයට විශාල තර්ජනක් එල්ල කර තිබේ. බෝල්ටික් මුහුද ,මාධ්‍යදරණී මුහුද, කළු මුහුද මෙක්සිකෝ බොක්ක ආශ්‍රීතව මෙම  මත්ස්‍යයින් සමුහ වශයෙන් දැක ගත හැකිය. ජෙලිෆිෂ්  මත්ස්‍යයන් නිසා ධීවර   බෝට්ටු පෙරළීයාම්ද සිදුවේ. මේ නිසා ජපානයට මහත් වූ අලාභයන් සිදුවේ. ජපානයට වර්ෂයකට පමණක්  ධීවර  කර්මාන්තයට සිදුවන පාඩුව ඩොලර් මිලියන 252 කි. එසේම මොවුන් ධීවර දැල් වල පැටලීම නිසා අස්වැන්න බාල කරනු ලැබේ. මෙසේ හානිකර තත්වයන් පැවතියද  මොවුන්  සාගර පරිසරයට හිතකර සත්ව කොට්ඨාශයකි.


සාගර සම්පත ආරක්ෂා කර ගැනීමට මොවුන් වර්ධනය වීම ඉතාමත් යෝග්‍ය වේ. වෙරළ සංරක්ෂණය කිරීම් සිදු කිරීමේදී  ජෙලිෆිෂ් වර්ධනයයට අවශ්‍ය සාධක සකස් කරනු ලබයි.  ජෙලිෆිෂ් මත්ස්‍යයන් සාගර පරිසරයේ හිතකර පැවත්මක් සඳහා මහෝපකාරී වන සත්ව විශේෂ්‍යකි.  

මොකද්ද? මේ භාෂාව

පට්ට , සිරා කෑල්ල       කියාවි
මචං උඹ මල් කඩනවද අසාවි
සුපිරි  ආතල්    බං        කියාවි
මොකද්ද මේ භාෂාව
වැඩිහිටියෝ,  අසාවි.....

අපේ කලේ වගේ 
නෙවෙයි කියාවි
අද කලේ හැදෙන ළමයි
හරිම වෙනස්,
කියාවි 
සභ්‍යත්වේ සදාචාරේ
දන්නෙම  නෑ කියාවි  

ඔයාලගේ කාලෙ
වගේ,  නෙවෙයි
කියාවි 
ඕවා පරණතාලේ, 
හණමිටි
අදහස් කියාවි 

එසේ කියා සිංග්ලිෂ් දොඩවී
අනේ අපේ හෙළ බස හඬාවී





Sunday, July 31, 2016

දැන් ඉතින් සිනාසෙන්න ....

වැරඳුණු     අතීතයට
සමුදෙන්න 
යථාර්ථයේ දොරගුළු 
ඇරගන්න 
අනාගතේ අරුනළු 
විඳගන්න
ජීවිතේ සිහිනයක් 
නොවන බව 
දැනගන්න ........

ඔබට නොලැබුණු දෙයට  
ක්‍රෝධ නොකරන්න 
වැරඳුණු තැනට  
හේතු විමසන්න 
නැවත නැඟිටින්න
දිරි ගන්න ..........

ජීවිතේ ගැඹුරටම 
කිමිදෙන්න 
ප්‍රර්ථනා බිඳුණු තැනට 
කඳුළු නොසළන්න 
වසන්තය එනවා සත්තයි,
 දැන් ඉතින් සිනාසෙන්න ....... 



Thursday, July 28, 2016

ශේෂව ඇත...



සියල්ල
සිදු වී
හමාරය
නමුත්,
නෂ්ඨාවශේෂ
පමණක්
ශේෂව ඇත
ඇත......

Tuesday, July 26, 2016

හඬයි ඇය, සොහොන් බිම ළඟ


දොම්නසින්බර දෙනෙත දුටුවෙමි
හැඬු කඳුලින් දෙනෙත්  තෙත් විය
කොහේ යනවද කවුරු නොදනී
අගේ විලාපය  දසෙත යා වුණි

කවුරු අසන්නද කවුරු බලන්නද
නිදන සැටි ඇය සොහොන් බිම ළඟ
මළ කඳයි ඇයයි අතරේ....
නැතේ වෙනසක් කිසි ලෙසේ


පොළෝ  පස්යට  මිහිදන්ව ඇති 
ඇගේ පුත් රුවන එනතුරු
හැඬයි ඇය සොහොන් බිම ළඟ
ළයේ පිරි ඇති දුක දරාගෙන

පැතුම් පොඳි බැඳ ලොවට බිහි කළ
පුතුන් අහිමිව ගිය වියෝවෙන් 
හඬන මව් තොමෝ දැක 
පොළෝ තලයත් කම්පා වුනා

අහස්‌  ගැබ පිපි නේක  තරු 
කදුළු කැට නෙතඟින්  සළා
පැතුවේ මතු භවයේ අගේ පුතු වී
මිහිකත් ලොවට වඩිනා ලෙසයි.......







ගං දිය











තහංචි බිඳ
නොනිම් ආශාවන් 
හඹා  යා නම් මිනිසුන්  ....
අනේ මන් කොහොම වෙන්නද 
එක්තැන්.......

යාත්‍රා කරන්නෙකි.......













කඩසාප්පුවෙන්  පන්සලටත් 
පන්සලෙන්  කඩසාප්පුවටත්
වැඩම කරවමින්.....
සංසාර යාත්‍රාවේ
නොරථ ගමනක 
යාත්‍රා කරන්නෙකි ...
අටපිරිකර 

කොත්තමල්ලි


ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේ ප්‍රබලතම  ඖෂධයක් ලෙස කොත්තමල්ලි හදුන්වනු ලැබේ.  කොත්තමල්ලි  භාවිතයේ ආරම්භය වසර  5000 පෙර බව ඉතිහාසයේ සඳහන්වේ. වර්තමනයේකු කුළුබඩුවක් ලෙස කොත්තමල්ලි භාවිතයට ගැනෙයි. කොත්තමල්ලි ශාඛය පංචංග ඖෂධයක් යොදා  ගනු ලැබේ . මුල්කලීනව ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඊජිප්තුව  වැනි රටවල  පමණක් සීමා වී තිබූ නමුත් වර්තමානයේ ලෝකය පුරා ව්‍යාප්තව පවතී.  බීජයක් සිටුවා මස තුනකින් පැළ ලබා ගත හැක. කොත්තමල්ලි  ශාඛය ඖෂධීය ගුණ රැසකින් සමන්වි වේ.  කොලේසටරෝල් , සීනි පාලනය, දියවැඩියා පාලනය , පිළිකා නැසීමේ හැකියාව, හදවත් රෝග සමනය කිරීමේ හැකියාවන් ඒ අතර සුවිශේෂී වේ. විද්‍යත්මක පර්යේෂණ රැසකට භාජනය වී ඇති මෙම ශාඛය තුළ පිළිකා නැසීමේ හැකියාව ඉහල බව සොයාගෙන ඇත. ඉන්දියානුවන් පුරුද්ක් ලෙස කොත්ත්මල්ලී කොළ ආහාරයට ගනු ලබයි. ඒ බෝවන රෝගයන්ගෙන් සුරක්ෂිත වීම සදහායි.  කොත්තමල්ලි  වල පවතින සුවඳ නිසා මෙය සුවඳ විලවුන්  නිෂ්පාදනය සඳහාද යොදා ගනු ලබයි. 

Saturday, July 23, 2016

සිනහව පිටුපස කඳුළු නොසයන්



මිනිසුන් අසති 
ඔබට හැකි මොනවද?
'' බොහෝ දේ ''
ඔබ දන්නේ මොනවද 
 '' සියලු දේ ''
ඔප්පු කල හැකිද එය
 '' ඕනෑම විටක ''
එසේනම් ඔබ ශ්‍රේෂ්ඨයි 
එසේනම්   ඔබ විෂ්ඨයි 

එහෙත් මිනිසුන් නොඅසති 
ඔබ කොතෙක් හැඬුවේද ?
      '' දින ගණනක් ''
ඔබ කොතෙක් නිදි මැරුවේද?
      '' හැමදාමත් '' 
මෙවැනි පැන නොඅසති

හේතුව ඔවුන් සොයන්නේ 
සිනකැන් මිස කඳුළු  නොවේ 
සිනහව පිටුපස කඳුළු නොසොයන් ......

මලක් වෙනු

සියක් පෙති
දහස් පෙති
සුවද නැති 
වැඩක් නැති......

එකක් පෙති 
දෙකක් පෙති 
සුවඳ ඇති
වැඩක් ඇති.....

මලක් වෙනු  
වැඩක් ඇති  
හෙට මළත්
කමක් නැති .... 

සැනසුම

මල් තැවරුණු ගවුමක් හැඳ
යහළු යෙහෙළියන සමඟින්
නිසරු කවට බස් තෙපලන 
ජීවතයක් නොපතමි  මම....... 
  
බෝ සෙවනේ සුදු වැල්ලේ 
හීන් සැරේ ප තබමින් 
බවුන් වන්නට ලැබෙනා 
ජීවතයක් පතනමි මම .......

කසාවතින්  ගත   දවටා
වටපතක් සුරතින් ගෙන
බුදු හිමි දෙසු දම් දෙසන්න
මෙහෙණි බවක් පතනමි මම......

බියකරු වූ සසර සයුර 
පීනා කෙළසුන් නසන්න
මහා දුකක් වූ පස් කඳ
නැතිකොට සැනසුම ලබන්න... 

එදිනට මට හැකිවනු ඇත
සසර කතර ජය ලබන්න 
බුදු හිමි පෑ  මග දකිමින් 
සැමටම සැනසුම බෙදන්න ...... 


Friday, July 22, 2016

ගුරුමව්නි

පින්සර වූ වත කමලෙ
ආදරය ගලා   යන
ශිල්ප පිරි සිත්මලෙහි
සුවඳ අප වෙත පුදන.....


සුලලිත වූ සිප් දියෙන්
නිබඳ අප සනහාලන
පුදමි ගුරුමව්නි නුඹ
මකරන්ද සුවඳ ගෙන.......

හෘදසාක්ෂිය



හෘදසාක්ෂිය  සත්‍යයේ ප්‍රතිමුර්තිය වේ. 
එසේම එය සත්‍යයේ සේවනැල්ලද  වේ.
පිරිසිදු හෘදසාක්ෂියක් ඇති තැනැත්තා 
කිසිදිනක දෝෂාරෝපණයට බිය නොවේ.
යමෙක් හෘදසාක්ෂියට එකඟව ක්‍රියාකරන්නේ නම්
ඔහුගේ ජීවිතය සුබවාදී වනු ඇත.
තමාගේ හෘදසාක්ෂිය තුළ අපායත් සුරලොවත් 
නිර්මාණය කරගත හැකිය.නමුත්,
පුද්ගලයකුගේ සාර්ථකත්වය ප්‍රතිෂ්ටාපනය වන්නේ
පිරිසිදු හෘදසාක්ෂියක් පවතින විටය.

Wednesday, July 20, 2016

අම්මා....

සඳ සදිසි නුඹ උවන
තරු එළිය මට කියන
ලෝකයේ අරුමැසිය
ආදරෙන් කියාදුන්
නුඹයි, මගෙ ආදර
අම්මා.........